AIA රක්ෂණ සමාගමේ IQA ජයග්‍රාහකයින්ට සුබ පතයි

 ඡායාරූපය:

AIA රක්ෂණ සමාගමේ IQA ජයග්‍රාහකයින්ට සුබ පතයි

AIA රක්ෂණ සමාගම, ජාත්‍යන්තර LIMRA ආයතනයේ 2018, උපදේශක ජාත්‍යන්තර තත්ත්ව සහතිකය සඳහා වැඩිම වර්ධනයක් අත්පත් කරගත්, ලොව හොඳම සමාගම් 5 අතරට එක් වූ පළමු සහ එකම

ශ්‍රී ලාංකික සමාගම ලෙස ඇගයීමට ලක්වීම අභිමානයෙන් යුතුව සමරයි.

මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ පසුගිය වසර දෙක පුරාවට තත්ත්ව සම්මානයට සුදුසුකම් ලැබුවන්ගේ වර්ධනය ප්‍රතිශතයක් ලෙස ගත්කල 20% ට වඩා වැඩි අගයක් සහිත සමාගම් විය. මෙමගින් අලෙවිකරුවන්ගේ ඉහළ කාර්යසාධනය, අඛණ්ඩව ගුණාත්මකභාවයෙන් ඉහළ ව්‍යාපාර අත්පත් කර ගැනීම සහ ඔවුන් සපයන්නාවූ උසස් තත්ත්වයේ සේවාලාභී සත්කාරය පිළිබිඹු වේ.

මාතෘකා