පීපල්ස් ලීසිං  මැදවච්චිය ශාඛාව නව පරිශ්‍රයකට

 ඡායාරූපය:

පීපල්ස් ලීසිං  මැදවච්චිය ශාඛාව නව පරිශ්‍රයකට

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමේ මැදවච්චිය ශාඛාව වැඩි ගණුුදෙනුකරුවන් පිරිසකට වඩාත් සුවපහසු සේවාවක් ලබාදීම සඳහා නව පරිශ්‍රයක (නො.76D, යාපනය පාර, මැදවච්චිය / රෝහල ඉදිරිපිට) දරණ ස්ථානයෙහි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලයනල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. පීපල්ස් ලීසිං මැදවච්චිය ශාඛාව ඉඩකඩ සහිත නව පරිශ්‍රයකට ගෙවැදීම නිමිත්තෙන් එම සමාගමේ අනුග්‍රහයෙන් මැදවච්චිය නගර මධ්‍යයේ ඉදිකළ නව හෝරාස්ථම්භය ජනතා අයිතියට පැවරීමද සම්භාවනීය අමුත්තන් අතින් සිදුවිය.

පීපල්ස් ලීසිං මැදවච්චිය ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීමේ උත්සවයට එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි ලක්සඳ ගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී රනිල් පෙරේරා, මහජන බැංකු මැදවච්චිය ශාඛා කළමනාකරු ජී. ගුත්තිල, පීපල්ස් ලීසිං මැදවච්චිය ශාඛා කළමනාකරු ධනුෂ්ක වෙදමුල්ල මහතා ඇතුළු ගණුුදෙනුකරුවන් රැසක් සහභාගීවූහ.

මාතෘකා