බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලය වැඩිදියුණු කර විවෘත කෙරේ | ඇස පාදන රැස


බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලය වැඩිදියුණු කර විවෘත කෙරේ

 ඡායාරූපය:

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලය වැඩිදියුණු කර විවෘත කෙරේ

ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලය වැඩිදියුණු කර යළි විවෘත කිරීම පසුගිය ජූනි 2 වැනිදා සිදුකරන ලදි. මෙරට ජනප්‍රියම පුස්තකාලයක් වන එය නවතම තේමා පාඨයක්, එනම් ‘it all happens here’ යන තේමා පාඨය යටතේ සුපුරුදු පරිදි සේවාවන් ආරම්භ කර තිබේ. මෙය විවෘත කිරීමේ උත්සවය පසුගිය සෙනසුරාදා දින පැවති අතර විශේෂ ආරාධිතයන්, ජනමාධ්‍ය නියෝජිතයන් සහ පුස්තකාලයේ දීර්ඝකාලීන සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. අමුත්තන් වෙනුවෙන් සංගීතය සහ තවත් විශේෂාංග රැසක් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂිකා ජිල් කැල්ඩිකොට් මහත්මිය මෙසේ පැවසුවා ය. ‘‘පුස්තකාලය නවීකරණය කිරීමේදී අප එක් ප්‍රධාන කරුණක් වෙත දැඩි අවධානයක් යොමුකළා. එනම් වර්තමාන ලෝකය තුළ පුස්තකාලයක් කවර ආකාරයේ දෙයක් විය යුතුද යන්නයි. ඇත්ත වශයෙන්ම දැන් පුස්තකාල පිළිබඳ සාම්ප්‍රදායික ආකල්ප වෙනස් වී ඇති බවට සැකයක් නැහැ. බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග සමීපව බැඳී සිටින විශාල පිරිසක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් මෙහි විවිධ ඉසව් රාශියක් පැවැත්වෙනවා. මෙම වැඩසටහන් සමග පොදු අදහස් දරන, විවිධත්වයෙන් සපිරි කණ්ඩායම් රාශියක් මේ වටා එක්රොක් වනු අප දුටුවා. ‘it all happens here’ යන නව තේමා පාඨය අප හඳුන්වා දුන්නේ ඒ විවිධත්වය සහ ඒ එකමුතුව නිරූපණය කිරීමටයි.”

මාතෘකා