NOLIMIT එස් 5 ක්‍රමවේදය වෙනුවෙන් JASTECA රන් සම්මාන දිනාගනී | ඇස පාදන රැස


NOLIMIT එස් 5 ක්‍රමවේදය වෙනුවෙන් JASTECA රන් සම්මාන දිනාගනී

 ඡායාරූපය:

NOLIMIT එස් 5 ක්‍රමවේදය වෙනුවෙන් JASTECA රන් සම්මාන දිනාගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතාගාර සමූහයක් වන NOLIMIT එස් 5 ක්‍රමවේදය සාර්ථකව අනුගමනය කිරීම වෙනුවෙන් ජපාන ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික ආයතනයෙන් (JASTECA) සම්මාන සහ ඇගයුම් රැසකට පාත්‍ර විය. එස් 5 ක්‍රමවේදයේ ප්‍රවීණ විද්වතුන්ගෙන් ක්‍රියාකාරී ජාලයකින් සමන්විත මෙම ආයතනය මෙරට එස් 5 සංකල්පය වඩාත් විශිෂ්ට ලෙස ක්‍රියාත්මක කරන ආයතන, විගණන අදියර රැසකින් අනතුරුව ඇගයුමට ලක් කරයි.

ආයතනික වැඩබිම සංවිධානය කිරීම, කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම, සඵලතාව සහ ආරක්‍ෂිත බව සඳහා ගෝලීය වශයෙන් සම්මත එස් 5 සංකල්පය විශිෂ්ට අයුරින් ක්‍රියාත්මක කරන ආයතන සහ සමාගම් මෙම සංවිධානය මගින් අගැයුමට ලක් කෙරේ. JASTECA සතුව යාවජීව සාමාජිකයන් 1500කට අධික ප්‍රමාණයක් ද ආයතනික සාමාජිකයන් 62ක් ද සිටින අතර මෙම සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ අඛණ්ඩව 22වන වරටය.

NOLIMIT රත්නපුර ශාඛාව මධ්‍ය පරිමාණ අංශයේ රන් සම්මානය හිමිකර ගත් අතර කෑගල්ල ශාඛාව ලෝකඩ සම්මානය හිමිකරගත්තේය. NOLIMIT ආයතනය මෙවර JASTECA රන් සම්මානය හිමිකර ගත්තේ අඛණ්ඩව දෙවන වරටයි. NOLIMIT මීගමුව, මහරගම, කුරුණෑගල ශාඛා සහ GLITZ ගල්කිස්ස ශාඛාව කුසලතා සම්මාන දිනා ගත් අතර ඊට අමතරව PALLU වැල්ලවත්ත මෙන්ම, GLITZ හයිඩ් පාර්ක් කෝනර්, මීගමුව, කැන්ඩි සිටි සෙන්ටර්, නුගේගොඩ ශාඛා සහ තවත් NOLIMIT ශාඛා පහක් සඳහා අනුකුලතා සහතික පිරිනැමිණි. ඒ අනුව සමස්තයක් ලෙස විලාසිතා ජාලය 2017 වසර සඳහා JASTECA සම්මාන 17ක් හිමිකර ගැනීමට සමත්විය.

මාතෘකා