'ශ්‍රී ලංකා මාස්ටර් ප්‍රින්ටර් 2018' සම්මානය ප්‍රින්ට්කෙයාර් දිනාගනී | ඇස පාදන රැස


'ශ්‍රී ලංකා මාස්ටර් ප්‍රින්ටර් 2018' සම්මානය ප්‍රින්ට්කෙයාර් දිනාගනී

 ඡායාරූපය:

'ශ්‍රී ලංකා මාස්ටර් ප්‍රින්ටර් 2018' සම්මානය ප්‍රින්ට්කෙයාර් දිනාගනී

මෙරට ප්‍රමුඛතම පැකේජ අපනයනකරු වන ප්‍රින්ට්කෙයාර් සමාගම, Sri Lanka Master Printer 2018 සම්මාන උළෙලේ සමස්ත ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්විය. මෙම ද්වීපාර්ශ්වික මුද්‍රණ තරගාවලිය මුද්‍රණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයුමට ලක් කිරීම සඳහා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

FMCG, තේ, රසකැවිලි, රූපලාවන්‍ය නිෂ්පාදන, ඖෂධ සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ සන්නාම රැසකට සේවය ලබාදෙමින් විශිෂ්ට අපනයන සන්නාම අතර නිබඳ රැඳෙන ප්‍රින්ට්කෙයාර් සමාගම, කාණ්ඩ 28ක් තුළ අයදුම් 1000කට අධික ප්‍රමාණයක් සහ මුද්‍රණ සමාගම් 60කට අධික ප්‍රමාණයක් අතරින් මෙම සම්මානය හිමිකර ගැනීමට සමත්විය. සමස්ත Master Printer සම්මානයට අමතරව මෙහිදී රන් සම්මාන හතක්, රිදී සම්මාන හතරක් සහ ලෝකඩ සම්මාන දෙකක් ද ප්‍රින්ට්කෙයාර් දිනා ගත්තේය.

මෙරට මුද්‍රණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දියත් කෙරෙන මෙම ද්වීපාර්ශ්වික දැවැන්ත වැඩසටහන සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන සහ සම්මාන උළෙලකින් සමන්විත වේ. මෙම වැඩසටහන් මාලාවේ උත්කර්ෂවත් අවසන් වැඩසටහනවන සම්මාන උළෙල සඳහා මුද්‍රණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයුමට ලක්කිරීමට එම ක්ෂේත්‍රයේ සියලු සාමාජිකයෝ සහභාගී වෙති. Collate 2018 වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේය.

මාතෘකා