ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ 15 වසර සමරයි

 ඡායාරූපය:

ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ 15 වසර සමරයි

ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ 15 වසරක අතිසාර්ථක ගමනක් සනිටුහන් කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එම රෝහලේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාවට වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මීට සහභාගී වීම සඳහා ලංකා හොස්පිට්ල්ස් හි න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා අංශයේ නිර්මාතෘවරුන් ඉන්දියාවේ සිට පැමිණීම විශේෂත්වයක් වූ අතර මෙම අංශය මෙතෙක් අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය සහ එමගින් රටට සිදුවූ අමිල මෙහෙවර සම්බන්ධයෙන් ඔවුහු රැස්ව සිටි පිරිස දැනුවත් කළහ.

වෛද්‍යවරුන්, තාක්ෂණ ශිල්පීන් සහ හෙදියන් ඇතුළු විශේෂඥ කණ්ඩායමකින් සමන්විත ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා අංශයට නායකත්වය දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණතම විශේෂඥයන් තිදෙනාගෙන් එක් අයෙකු වන වෛද්‍ය ජේ. එම්. චන්ද්‍රගුප්ත උඩුගම (MBBS, PhD - Consultant Nuclear Medicine) මහතා ය. ඒ මහතාට අනුව 1973 වසරේදී ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නියෝජිත ආයතනය යටතේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව හඳුන්වා දෙන ලද අතර, මෙරට ප්‍රථම න්‍යෂ්ඨික වෛද්‍ය විද්‍යා ඒකකය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරන ලදි. ඉන් අනතුරුව තවත් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා අංශයක් කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කෙරිණි.

න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ක්‍රමයෙන් ඉහළ යමින් පැවති ඉල්ලූම සපුරාලීම සඳහා, එවකට ඇපොලෝ රෝහල (Apollo Hospitals) ලෙස හැඳින්වුණු ලංකා හොස්පිට්ල්ස් හි පූර්ණ පහසුකම් සහිත න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා අංශයක් ස්ථාපිත කරන ලදි. මෙම අංශය වසර 15 ක කාලයක් තිස්සේ මෙරට වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය තුළ අතිසාර්ථක ගමනක නියැළෙමින් ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටුකරමින් සිටී.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?