සීඅයිසී 25 වන සංවත්සරය වෙනුවෙන් ‘සරුසාර උපහාර’ පවත්වයි | ඇස පාදන රැස


සීඅයිසී 25 වන සංවත්සරය වෙනුවෙන් ‘සරුසාර උපහාර’ පවත්වයි

 ඡායාරූපය:

සීඅයිසී 25 වන සංවත්සරය වෙනුවෙන් ‘සරුසාර උපහාර’ පවත්වයි

සීඅයිසී කෘෂි ව්‍යාපාර (පුද්.) සමාගමට 25 වසරක් පිරීම නිමිත්තෙන් ‘සරුසාර උපහාර’ නමින් උපහාර උත්සවයක් පසුගියදා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විනි. මෙම අවස්ථාවට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පර්යේෂණ ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

 තවද දිවයින පුරා විසිරී සිටින සීඅයිසී කෘෂි ව්‍යාපාර සමාගමේ අලෙවි නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්වූ අතර සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් නන් අයුරුන් දායක වූ සියලූදෙනා වෙත උපහාර පිදීම මෙහිදී සිදුකෙරිණි. විවිධ කෘෂි භෝග කාණ්ඩ සහ විවිධ පළාත් නියෝජනය කරන අලෙවි නියෝජිතයෝ 50 කට අධික සංඛ්‍යාවක් මෙදින ඇගයීමට ලක්වූහ.

මාතෘකා