සියත Mr. World සඳහා TVS අනුග්‍රහය

 ඡායාරූපය:

සියත Mr. World සඳහා TVS අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා අත්වැලක් සැපයීමේ පියවරක් වශයෙන්, මෑතකදී දියත් කරන ලද ‘Mr. World’ වැඩසටහනට අනුග්‍රාහක දායකත්වය ලබාදීම සඳහා TVS සමාගම ඉදිරිපත්ව සිටී. මෙම තරගයේ ජයග්‍රහකයාට TVS යතුරුපැදි මාදිලි පෙළේ ඉහළම මාදිලිය වන Apache RTR 200 යතුරුපැදියක් පිරිනැමේ.

මේ වෙනුවෙන් කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේදි පැවති උත්සවයකදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා විසින් Apache යතුරු පැදියක් Model Shop අධ්‍යක්ෂවරුන් වන සංගීතා වීරරත්න මහත්මිය සහ ධනංජය බණ්ඩාර මහතා වෙත පිරිනමන ලදි.එමෙන්ම මෙහිදී, ධාවන තරග ක්ෂේත්‍රයෙන් ආභාෂය ලබා නිර්මාණය කරන ලද Apache RTR 200 යතුරුපැදිය විශේෂයෙන් සැකසූ ට්‍රක් රථයක් මත තබා ප්‍රදර්ශනය කරන ලද අතර මින් ඉදිරියට මෙම Apache RTR 200 යතුරුපැදිය අදාළ තරගකරුවන්ගේ ගම් ප්‍රදේශ ඇතුළුව දිවයින පුරා සංචාරය කරනු ඇත.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?