Cannes Lions Festival ශ්‍රී ලංකාව නියෝජනයට තරුණ වෘත්තිකයෝ නවදෙනෙක්

 ඡායාරූපය:

Cannes Lions Festival ශ්‍රී ලංකාව නියෝජනයට තරුණ වෘත්තිකයෝ නවදෙනෙක්

ජූනි මාසයේදී ප්‍රංශයේ පැවැත්වෙන Cannes Lions අන්තර්ජාතික උළෙෙල්දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Young Lions අංශයෙන් තරඟ වැදීමට ශ්‍රී ලාංකික අලෙවිකරණ සන්නිවේදන ක්ෂේත්‍රය නියෝජනය කරමින් තරුණ වෘත්තිකයින් 9 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පසුගියදා තෝරා ගන්නා ලදී. මෙම වසරේ ශ්‍රී ලංකාව තුළ පවත්වන ලද තරඟාවලිය සඳහා පහසුකම් සලසන ලද්දේ Metal Factor අනුග්‍රහය යටතේ IAA Sri Lanka විසිනි. Metal Factor විසින් ශ්‍රී ලංකාව තුළ සාර්ථකව 11 වැනි වරටත් මෙම තරඟය පවත්වන ලද අතර Metal Factor යනු Cannes Lions උළෙල නියෝජනය කරනු ලබන ශ්‍රී ලාංකික නියෝජිතයා වේ.

අතිශය තීරණාත්මක අයුරින් සිදුකරන ලද ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රී ලාංකික තරඟයෙන් ජයග්‍රාහී කණ්ඩායම් 3ක් තෝරා ගැනීමට සමත්විය. Media තරඟ අංශයේ ජයග්‍රහණය හිමිකරගත්තේ Ogilvy Media සනෝජ් ප්‍රනාන්දු සහ දුලංජලී ගුණවර්ධන විසිනි. PR තරඟ අංශය ජය ගනු ලැබුවේ Bates Strategic Alliance නියෝජනය කළ මහේෂි දුනුවිලගේ සහ චංචලා ගුණවර්ධන ය. ඒ අතර Print තරඟ අංශයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ Dentsu Grants ටාරා වීරසිංහ සහ ආධිල් ඉසාත් ය. මෙම වසරේ Young Marketer’s තරඟ අංශයේ Softlogic Life PLC හි චමින්ද්‍රි ගුණවර්ධන සහ අර්ෂඩ් මොහිදීන් විසින් හිමිකර ගනු ලැබීය. Roger Hatchuel Academy සඳහා සහභාගිවීම වෙනුවෙන් තෝරාගනු ලැබුවේ Academy of Design නියෝජනය කළ දිලූෂි ප්‍රසන්නයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?