ප්‍රමිතියෙන් යුත් උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි වික්‍රමාරච්චි ඔප්ටීෂියන් වෙතින්

 ඡායාරූපය:

ප්‍රමිතියෙන් යුත් උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි වික්‍රමාරච්චි ඔප්ටීෂියන් වෙතින්

ඉහළ ප්‍රමිතිෙය් කණ්ණාඩි, කණ්ණාඩි රාමු හා සිවි කාච

ලොව සුපතල විවිධ මාදිලියේ ඇස් කණ්ණාඩි හා කාච වර්ග ඉතා පහසු මිල ගණන්වලට මෙරට ජනතාව අතරට පත් කරන වික්‍රමාරච්චි ඔප්ටීෂියන් ආයතනය එම ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රමුඛතම ආයතනයක් ලෙස හැඳින්විය හැකිය. මීට දශක හතරකට පෙර ඇරඹුණු මෙම ආයතනයෙන් ඉටු කරන මෙහෙවර පිළිබඳව එහි සභාපති මිහිර වික්‍රමාරච්චි මහතා රැස සමඟ විශේෂ සාකච්ඡාවකට එක්විය.

එහිදී මිහිර වික්‍රමාරච්චි මහතා අවධාරණය කර සිටියේ තමන් මෙම කටයුත්ත ව්‍යාපාරයකටත් වඩා සමාජ සත්කාරයක් ලෙස සලකමින් ඉටු කරන බවයි. ජීවිතය පහසුවෙන් හා නිරෝගීව ගත කිරීමට පෙනීම ඉතා වැදගත් සාධකයක් බවත් ඒ නිසාම ඉහළම ප්‍රමිතියේ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි, කණ්ණාඩි රාමු මෙන්ම කාච වර්ගද ජනතාවට දරාගත හැකි පහසු මිල ගණන්වලට සැපයීම වික්‍රමාරච්චි ඔප්ටීෂියන් මඟින් සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමාරච්චි සභාපතිවරයා පැවසුවේ ඇස්වල තිබෙන නොයෙකුත් රෝග තත්ත්වයන් කලින්ම හඳුනා ගතහොත් ඇස් පෙනීමේ දුර්වලතා මඟහරවා ගත හැකි බවයි. මේ පරීක්ෂණ සහන මිලට සිදුකර ගත හැකි තාක්ෂණයක් තම ආයතනය හඳුන්වා දී ඇති බවත් එම තාක්ෂණය භාවිතයෙන් ග්ලූකෝමා හා දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් නිසා ඇසට සිදුවිය හැකි හානි හා රුධිර පීඩනය හා අසාත්මිකතාවයන් නිසා වන පෙනීමේ දුර්වලතාද හඳුනාගෙන ඊට පිළියම් ලබාදිය හැකි බවත් සඳහන් කළ ඔහු මෙම පරීක්ෂණය අවුරුදු 40ට වැඩි පුද්ගලයින්ට ඉතා ප්‍රයෝජනවත් බවත් සඳහන් කළේය.

වික්‍රමාරච්චි ඔප්ටීෂියන්හි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම ආයතනය වෙන ඇස් කණ්ණාඩි හා අව් කණ්ණාඩි මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට වඩාත්ම සුදුසු කණ්ණාඩි ඔවුන් ලබාදීමයි. තවද කණ්ණාඩි රාමු තෝරා ගැනීමේදී මුහුණට, නාසයට හරියටම ගැලපෙන සුවපහසු රාමු තෝරාගැනීම සඳහාද පාරිභෝගිකයාට උපරිම ලෙස සහය වීම මෙම ආයතනයේ විශේෂත්වයකි. මීට අමතරව ඉහළම ප්‍රමිතියේ සිවි කාච පැළඳවීම සිදුකරනු ලබන්නේ දුර පෙනීම අඩු අයට පමණි. එහෙත් පරිගණකය හා ජංගම දුරකථනය වැඩි වශයෙන් භාවිතා කරන අයට බ්ලූ රේ කිරණවලින් සිදුවිය හැකි අපහසුතාවලින් මඟහැරීමට අවශ්‍ය කාච වර්ගද වික්‍රමාරච්චි ඔප්ටීෂියන් මඟින් ගෙන්වනු ලබයි. වික්‍රමාරච්චි ඔප්ටීෂියන්හි සභාපති මිහිර වික්‍රමාරච්චි මහතා ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට ගිය සමාජ සේවකයෙකු ලෙසද පිළිගැනෙන අතර සුනාමි ව්‍යසනය සිදුවූ අවස්ථාවේදී ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයද ලබාගනිමින් ඇස් කණ්ණාඩි ලක්ෂයක් මෙරට ජනතාව වෙත ලබාදීම සඳහාද පෙරමුණ ගන්නේය.

මාතෘකා