'Most Admired Companies 2018' සම්මානයට AIA වෙතින් ප්ලැටිනම් දායකත්වය

 ඡායාරූපය:

'Most Admired Companies 2018' සම්මානයට AIA වෙතින් ප්ලැටිනම් දායකත්වය

ආසියාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන AIA, වරළත් ගණකාධිකාරී ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වීමට නියමිත, 2018 වසරේ අතිශය ගෞරවනීය සමාගමට හිමි සම්මානයට ප්ලැටිනම් දායකත්වය සපයයි.

මූල්‍ය කාර්යසාධනය පමණක් නොව සිය කාර්ය මණ්ඩල සමාජිකයින්ට, සේවාලාභීන් හට, ආයෝජකයින්ට සහ පොදුවේ මුළු මහත් සමාජයටම මනා ආචාරධර්මවලින් සපිරි තිරසාර වූ වටිනාකම් එක් කරන්නා වූ සමාගම් මෙම සම්මානයෙන් ඇගයුමට පාත්‍ර වනු ඇත.

2018 ජුනි මස 30 වන දිනට වසර 5 කට වැඩි කාලයක් ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින, 40% ක් හෝ ඊට වැඩි ශ්‍රී ලාංකීය කොටස් හිමිකාරිත්වයක් සහිත ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොමැති සමාගම් මෙම සම්මානයට ඉල්ලුම්පත් එවීම සඳහා සුදුසුකම් ලබයි. ඒ අතරින් හොඳම සමාගම් 10 අතරට තේරී පත් වන සමාගම්වල සියලුම ප්‍රචාරක කටයුතු සඳහා මෙම ඇගයුම භාවිත කිරීමේ හිමිකම් ලැබෙනු ඇත.

මාතෘකා