'ආසියානු බැංකුකරණ හා මුල්‍ය' කොමර්ෂල් බැංකුවට සම්මාන හතරක්

 ඡායාරූපය:

'ආසියානු බැංකුකරණ හා මුල්‍ය' කොමර්ෂල් බැංකුවට සම්මාන හතරක්

2018 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදීි වෙළඳ බැංකු අංශය යටතේ සම්මාන තුනක්ද පාරිභෝගික බැංකු අංශය යටතේ සම්මානයක්ද දිනාගනිමින් කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර සම්මාන වැඩසටහනවලදී ලබාගන්නා ඉහළ සාර්ථකත්වය තවදුරටත් සනාථ කර ඇත.


"SLIM Brand Excellence" 2018 දියත් වෙයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන, මෙරට අලෙවිකරණ ක්‍ෂේත්‍රයේ විශිෂ්ට සන්නාමයන්, ජාතික මට්ටමේ ඉහළම සම්මානයට පා‍ත්‍ර වන, ශ්‍රී ලංකාවේ පුමුඛතම සම්මාන උළෙලක් වන SLIM Brand Excellenc අඛණ්ඩව 17 වැනි වරටත් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කර තිබේ. සම්මාන ප්‍රදානෝත්සවය මෙම නොවැම්බර් මාසයේ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව රට පුරා විහිද විසිර පවතින ආයතන සඳහා සිය සන්නාමයන් වෙනුවෙන් අගොස්තු 15 වැනිදාට ප්‍රථම මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කරන මෙන් SLIM විසින් ඉල්ලා සිටිනු ලැබේ. ඒ සඳහා ඉදිරිපත්වන්නන් වෙනුවෙන් විශේෂ වැඩමුළු මාලාවක් ජුලි සහ අගොස්තු මාසවලදී ක්‍රියාත්මක කිරීමටද සංවිධායකයන් විසින් කටයුතු යොදා තිබේ.

සියලුම සන්නාමයන්, සන්නාම හිමිකාරීත්වයන් සහ ව්‍යවසායකයන් එකිනෙකින් වෙනස් වූ අංශ 13ක් යටතේ මෙවර පිදුම් ලබනු ඇත. කාණ්ඩ 13ක් යටතේ මෙවර සම්මාන පිදෙනු ඇත.


KIU විශ්වවිද්‍යාලය සරසවි අහිමි සිසුන්ගේ සිහින සැබෑ කරයි

KIU සරසවියේ ජීව වෛද්‍ය විද්‍යා, මනෝ විද්‍යා, කළමනාකරණ, චීන කටු චිකිත්සා සහ KIU උපාධි පාඨමාලා සඳහා සිව් වන සිසුන් කණ්ඩායම බඳවා ගැනීමේ සමාරම්භක උළෙල පසුගිය මැයි මස 25 වන සිකුරාදා ප.ව. 4.00ට KIU ප්‍රධාන ශාලාවේදී KIU උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙලූකා ප්‍රනාන්දු මහත්මියගේ හා KIU කළමනාකරණ අධ්‍යක්‍ෂ ආචාර්ය ජගත් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම උත්සවයේ විශේෂත්වය වූයේ මේ වන විට සංවේදී ජාතික ගැටලුවක් බවට පත්ව ඇති උසස් පෙළ සමත් නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් නොලබන බහුතරයක් වූ සිසුන්ගේ ගැටලු හඳුනා ගෙන 2017 අයවැය යෝජනාවලින් හඳුන්වා දුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක‍්‍රමය ඔස්සේ KIU ආයතනය හා අත්වැල් බැඳ ගත් දෙවන සිසුන් කණ්ඩායමද මීට සමගාමීව KIU සමඟ එක් වීමයි.


FACETS 2018 පැවැත්වීමට සූදානම්

ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 28 වැනි FACETS ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අගොස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වේ. අගෝස්තු 30 වැනිදා පැවැත්වෙන මෙහි සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවීමට නියමිත අතර කීර්තිමත් මැණික් විශේෂඥයකු ව්ලැඩිස්ලෙව් යාවොස්කී මහතා මේ සඳහා විශේෂ ආරාධිතයකු වශයෙන් සහභාගී වේ. FACETS සමාරම්භක උළෙලේදී ඔහු විසින් ලියැවුණු Sri Lanka Gems (ශ්‍රී ලංකා මැණික්) නමැති ග්‍රන්ථයද දොරට වැඩීමට නියමිතය.

මාතෘකා