PickMe සමඟ එක්වීමට මහඟු අවස්ථාවක්

 ඡායාරූපය:

PickMe සමඟ එක්වීමට මහඟු අවස්ථාවක්

ශ්‍රී ලංකේය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේ මෙහෙයුමේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරන PickMe සමාගම, සිය සේවක බලකාය පුළුල් කරමින් ප්‍රවාහන සේවාවේ නව කඩඉමක් කරා පියමැනීම අරඹයි. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනයට නව තාක්‍ෂණය භාවිතා කළ ප්‍රධානම සමාගම වන PickMe සමාගම සිය සේවක බලකාය සහ ව්‍යාපාරය තොරතුරු තාක්‍ෂණ අංශයෙන් ශක්තිමත් කිරීමේ වැඩසටහන දැන් අරඹා ඇත. ඒ අනුව තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දක්‍ෂතා දක්වන තරුණ තරුණියන්ට PickMe සමාගම සමඟ එක් වී සිය අනාගතය සාර්ථක කර ගැනිමේ මහඟු අවස්ථාව දැන් උදා වී තිබේ.


බුත්තල සිංගර් ප්ලස් ප්‍රදර්ශණාගාරය නවීකරණය වෙයි

නවීකරණය කරන ලද බුත්තල සිංගර් ප්ලස් ප්‍රදර්ශණාගාරය පසුගියදා සිංගර් ශ්‍රීලංකා සමාගමේ වෙළඳ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා අතින් විවෘත කෙරිනි. බුත්තල නගර මධ්‍යයේ පිහිටි සිංගර් ප්ලස් ප්‍රදර්ශණාගාරය වඩාත් ඉඩකඩ සහිතව ආකර්ශණීය ලෙස නිමවා ඇත. බුත්තල සහ අවට පදිංචි පාරිභෝගිකයන්හට නවමු අත්දැකීමක් ලැබෙන පරිදි පහසුකම් රැසක් සමගින් නවීකරණය කරන ලද සිංගර් ප්ලස් ප්‍රදර්ශණාගාරයට විවිධ වර්ගයේ නිෂ්පාදන මාදිලි ගනණාවක්ද අලුතින් එක්කර ඇත.


කොමර්ෂල් බැංකුව නැවතත් ලොව හොඳම බැංකු දහස අතරට

2018 වසරේදී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර මේ සමඟින් මෙම ගෞරවණීය වර්ගීකරණයේ පිට පිටම වසර අටක් රැඳී සිටීමට හැකිවූ එකම ශ්‍රී ලාංකේය බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ.

එක්සත් රාජධානියෙහි 'ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව ලෝකයේ හොඳම බැංකු 1000 තෝරා ගන්නේ පළමුපෙළ ප්‍රාග්ධනය, වත්කම්, ප්‍රාග්ධන වත්කම් අනුපාතය, බදු වලට පෙර ලාභය, ප්‍රාග්ධනයට අදාළ ප්‍රතිලාභය, වත්කම් වලට අදාළ ප්‍රතිලාභය, බාසල් ප්‍රාග්ධන අනුපාතය, සමස්ත ණය වලින් අක්‍රිය ණය අනුපාතය, වත්කම් අනුපාතයට සාපේක්ෂව ණය, සමස්ත වත්කම් අනුපාතයට සාපේක්ෂව බර තබන ලද වත්කම් අවධානම සහ අදායමට සාපේක්ෂව වියදම් අනුපාතය යන කරුණු පදනම් කර ගනිමිනි.


මහජන බැංකුවේ 1000වැනි ගනුදෙනු යන්ත්‍රය සෙල්ලකතරගමට

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් මහජන බැංකුවේ 1000 වැනි ගනුදෙනු යන්ත්‍රය සහිත ස්වයං බැංකුකරණ ඒකකය පසුගියදා සෙල්ලකතරගමදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

එමෙන්ම මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක ව්‍යාපෘතියට, ඒ සඳහා සම්බන්ධ වූ කාර්ය මණ්ඩල සමාජික සාමාජිකාවන් ඇතුළු මහජන බැංකුවේ සියළුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා විශේෂ ආශිර්වාද පූජාවන් ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේදි සහ කිරිවෙහෙර රජමහා විහාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ ජේ‍ෂ්ඨ නිළධාරීන්, මහජන බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

මාතෘකා