SLIM සහ සදාහරිත වැවිලි සමාගම එක් වේ

 ඡායාරූපය:

SLIM සහ සදාහරිත වැවිලි සමාගම එක් වේ

මෙරට අලෙවිකරණය සඳහා වන ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ මෙරට වාණිජ වනවගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත වැවිලි සමාගම පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹියේය. සදාහරිත වැවිලි සමාගමේ අලෙවි අංශයේ කාර්යමණ්ඩල සාමාජිකයන් හට අලෙවිකරණය සම්බන්ධ වෘත්තීය සුදුසුකම් පිරිනැමීම මෙම ගිවිසුමේ මූලික අරමුණයි.

2017/2018 වර්ෂය සඳහා තමන් අත්පත් කර ගත් රු.බිලියනයක් ඉක්මවූ ආදායම සඳහා අලෙවිකරණ කාර්යමණ්ඩලය දැක්වූ දායකත්වය ඇගයුමට ලක් කිරීමක් ලෙස එම සමාගම මෙම පියවර ගත්තේය. SLIM ආයතනයේ සභාපති ප්‍රදීප් එඩ්වර්ඩ් මහතා සහ සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා අතර එම ගිවිසුම අත්සන් තැබුණු අතර එම ආයතන දෙකම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද එම අවස්ථාවට සහභාගී වූහ. සදාහරිත වැවිලි සමාගම යනු මහෝගනී, තේක්ක, සඳුන් සහ අගාවුඩ් වගාවන් හරහා මෙරට තිරසර වන වගාව වෙනුවෙන් දායකත්වය ලබාදෙන මෙරට ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගමයි.

මාතෘකා