ක්ෂණික ආහාර වේලක නවතම රසය ‘මැගී පැස්ටා’

 ඡායාරූපය:

ක්ෂණික ආහාර වේලක නවතම රසය ‘මැගී පැස්ටා’

නෙස්ලේ සමාගමේ සුප්‍රකට සන්නාමයක් වන Maggi Pazzta දැන් නවතම නිෂ්පාදනය වෙ‍ෙළඳපළට හඳුුන්වාදෙමින් Value-Added Pazzta නිෂ්පාදන කාණ්ඩයට පිවිස ඇත. ඉහළ ගුණාත්මක තාවයෙන් යුතු තන්තු (fibre) යහගුණය සමඟින් නිෂ්පාදිත Maggi Pazzta විනාඩි පහක් වැනි ඉතාම සුළු කාලයකින් සාදා ගත හැකි ප්‍රණීත ආහාරයකි. පසුගිය වසර කිහිපය පුරාවටම නව නිෂ්පාදන හඳුන්වා දෙමින් තරුණ පුරපුරට පහසුවෙන්, රසවත් සහ ගුණදායක ආහාර සකස් කර ගැනීමට Maggi සන්නාමය පිටුවහක් වී ඇත .  

“Maggi Pazzta ශ්‍රී ලාංකීය වෙ‍ෙළඳපොළට පිවිසෙන්නේ ඉවුම්පිහුම් කටයුතු සඳහා ආධුනිකයන් විශේෂඥ සූපවේදියන් බවට පත් කරන පොරොන්දුවක් සමගය” යැයි නෙස්ලේ සමාගමේ උප සභාපතිනී (ආහාර අංශ) ප්‍රියදර්ශණී කරුණාරත්න මහත්මිය පැවසුවාය.  “පළමු වතාවට ඉවුම් පිහුම් කටයුතුවලට යෙදීමට කැමති තරුණ තරුණියන්ට මෙය ඉතාම හොඳ අවස්ථාවක්. ”  

#BeCheesy යන තේමාව යටතේ දියත් කෙරුණු අපගේ ප්‍රචාරණ කටයුතු ඔස්සේ මෙම නව නිෂ්පාදනය කෙරෙහි ඉතාමත් වැඩි උනන්දුවක් සහ කුතුහලයක් දක්නට ලැබුණි.
“තමන් ආදරය කරන තරුණියකගේ හදවත දිනාගැනීමට උත්සාහ කරන තරුණයකුගේ හාස්‍යජනක පණිවිඩ සහ වීඩියෝ පෙළක් මගින් ඉවුම් පිහුම් කටයුතු සඳහා තරුණයන්ගේ කැමැත්ත වර්ධනය කිරීම මෙම ප්‍රචාරණ ක්‍රියාදාමය ඔස්සේ අප බලාපොරොත්තු වුණා”

මෙම නවතම නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් ශිවානි හේග්දේ (කළමනාකරණ අධ්‍යක්ෂිකා, නෙස්ලේ ලංකා සමාගම) මෙසේ පැවසුවා. “Maggi Pazzta අපගේ පාරිභෝගිකයන්ට නවතම ඉවුම් පිහුම් අත්දැකීමක් ලබාදීමට අප උත්සාහ කරනවා. තන්තු යහගුණය සමග පෝෂ්‍යදායී ඉක්මණින් පිසගත හැකි Maggi Pazzta තරුණ පරපුරේ ජීවන රටාවට ගැලපෙන පරිදි පහසුදායී මිලකට හඳුන්වාදී තිබෙනවා”

දියත් කිරීමේ වැඩසටහන කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි පසුගියදා පැවති අතර රසවත් පැස්ටා වර්ග රාශියක් රසවිදීමේ අවස්ථාව එදින සහභාගී වූවන්ට හිමිවිය.

මාතෘකා