‘සොලන්රා’ගෙන් 2017 දී කිලෝ වොට් 1000ක්

 ඡායාරූපය:

‘සොලන්රා’ගෙන් 2017 දී කිලෝ වොට් 1000ක්

ඝර්ම කලාපීය රටවල් හා කාන්තාර ප්‍රදේශ සඳහා ලොව අංක එකේ සෝලාර් පැනල්  නිෂ්පාදකයා වන ජර්මනියේ Jurawatt සමාගම නිපදවන සෝලාර් පැනල සඳහා ශ්‍රී ලංකාවේ එකම අලෙවි නියෝජිත ‘සොලන්රා සමාගම’ තම සෝලාර් පැනල මගින් නිපදවූ විදුලිය කිලෝ වොට් 1000ක් 2017 වසරේදී ජාතික විදුලි පද්ධතියට සැපයීමේ ඉලක්කය පසුගියදා පසු කෙරුණි.  

වසර 2012 දී ඇරඹුණු ‘සොලන්රා සමාගම’ එක් වසරක් තුළ කිලෝවොට් 1000ක විදුලිය ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට උරදුන් සේවාදායකයන්ට ප්‍රණාම පිදීමේ උත්සවයක් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ යුරෝපීය රටවල් සඳහා ප්‍රවීණ උපදේශකයෙකු වන කිංස්ලි ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී පසුගියදා පැවැත්විණ.

සොලන්රා සමාගම විසින් ස්ථාපිත කරන සියලු සෝලාර් පැනල සඳහා වසර 35ක වගකීමක් සැපයෙන අතර, එය ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණික හා කාලගුණික තත්ත්වයකට වඩාත් ගැලපෙන එකම සෝලාර් පැනලයද වේ. එමෙන්ම Jurawatt සෝලාර් පැනලයෙහි මෙරට භාවිතා කෙරෙන සෙසු සෝලාර් පැනලයන් හි නොමැති විශේෂත්වයන් රැසක් වෙති. Jurawatt සෝලාර් පැනල සමග භාවිත කෙරෙන ඕස්ට්‍රියාවේ නිෂ්පාදිත Fronius ඉන්වර්ටරයට ඉතා අවම ආලෝක තත්ත්වයක් යටතේ පවා විදුලි උත්පාදන හැකියාව තිබීමෙන් පෙරවරු 6.00 සිට සවස 6.00 වනතුරුම විදුලිය නිපදවේ. එහෙයින් සාමාන්‍ය සෝලාර් පැනලයකට වඩා 30%ක වැඩි විදුලි උත්පාදන හැකියාවක් මෙම Fronius ඉන්වර්ටරයට තිබීම විශේෂත්වයකි. සම්පූර්ණයෙන්ම ජර්මනියේ නිෂ්පාදිත උපාංග පමණක් භාවිතා කෙරෙන Jurawatt සෝලාර් පැනලය වටා වූ රාමුව මළ නොබැඳෙන වානේවලින් නිෂ්පාදනය කර තිබීමෙන් එයට ජීවිත කාලය පුරා වගකීම් සහතිකයක් පිරිනැමේ.

මාතෘකා