‘මොබිටෙල් කෑෂ් බොනෑන්සා 2018’ සුපිරි ජයග්‍රහණ සමගින් | ඇස පාදන රැස


‘මොබිටෙල් කෑෂ් බොනෑන්සා 2018’ සුපිරි ජයග්‍රහණ සමගින්

 ඡායාරූපය:

‘මොබිටෙල් කෑෂ් බොනෑන්සා 2018’ සුපිරි ජයග්‍රහණ සමගින්

මොබිටෙල් සමාගම නව වසරේ ආරම්භයත් සමග සිය පාරිභෝගිකයන් වෙත අතිශයින් සතුටුදායක පුවතක් රැගෙන එයි. සමාගම සිය පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ‘කෑෂ් බොනෑන්සා’ වැඩසටහන 2018 වසරේ දී නැවුම් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට සැරසෙයි. නව වසරේ දී ‘මොබිටෙල් කෑෂ් බොනෑන්සා’ යළි දියත් කෙරෙන්නේ වඩාත් වටිනා ත්‍යාග රැසක් ඊට එක්කරමිනි. 2018 ‘කෑෂ් බොනෑන්සා’ ත්‍යාග වශයෙන් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ පිරිනමන අතර දෛනික සහ කාර්තුමය දිනුම් ඇදීම්වල ජයග්‍රහකයන්ට රු. මිලියන 190කට වඩා වටිනා මුදල් ත්‍යාග හිමිකර ගත හැකි ය. වසර පුරා ජයග්‍රහකයන් 220,000 දෙනෙකුට රු. 500ක් දක්වා වූ මුදල් ත්‍යාග දිනාගත හැකි ය. විදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ මෙම අති දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක කළ පළමු මෙහෙයුම්කරුවා තම සමාගම බව මොබිටෙල් සමාගම පවසයි. 2016 හා 2017 වසරවලදී ත්‍යාග වශයෙන් මොන්ටෙරෝ ජීප් රථ 24ක් බෙදා දුන් අතර මෙම වසරේ දී එය ත්‍යාගවල වටිනාකම තවත් වැඩි කරමින් සිය පාරිභෝගිකයන්ට අගනා මර්සිඩීස් බෙන්ස් රථ පිරිනමන බව ඔවුන් පවසයි.  

‘මොබිටෙල් කෑෂ් බොනෑන්සා’ දිනුම් ඇදීම සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබන්නේ මොබිටෙල් පෙරගෙවුම්, පසුගෙවුම් හා බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ය. සෑම රු. 50 පෙර ගෙවුම් කාඩ් පතකට, රීලෝඩ් කිරීමකට, පසුගෙවුම් බිල් පත් ගෙවීමකටම ජයග්‍රහණ අවස්ථාවක් හිමිවේ. තරගය සඳහා ඇතුළත් වීමට ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් නොමැති අතර මොබිටෙල් පාරිභෝගිකයෝ සියලු දෙනාම දිනුම් ඇදීම සඳහා සහභාගි වීමට නිතැතින්ම සුදුසුකම් ලබති. ‘කෑෂ් බොනෑන්සා’ ජයග්‍රහකයන්ට ඔවුන් ජයග්‍රහණය කළ බව දැනුම් දෙනු ලබන්නේ මොබිටෙල් පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය වන 071 27 55 777 හරහා සහ ලිඛිතව වසාමාන්‍ය තැපෑලෙන් පමණකි. දිනාගැනෙන කිසිම ත්‍යාගයක් වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරේ.  

2016 හා 2017 වසරවල දී ‘කෑෂ් බොනෑන්සා එක්ස්ට්‍රා වැගැන්සා’ වැඩසටහන දිවයින පුරා මොබිටෙල් පාරිභෝගිකයන් අතර අතිමහත් උනන්දුවක් හා අපේක්ෂාවක් ඇතිකිරීමට සමත් විය. මේ අනුව 2016 හා 2017 වසරවල දී මොබිටෙල් පාරිභෝගිකයන්ට රු. මිලියන 700ක් ත්‍යාග වශයෙන් හිමි විය. මොබිටෙල් සමාගමේ පරිත්‍යාගශීලීත්වය අගය කරන ජයග්‍රාහකයන්ගේ ජීවිත මෙම ත්‍යාග නිසා වැඩි දියුණුවී ඇත.  ‘මොබිටෙල් කෑෂ් බොනෑන්සා 2018’ මෝටර් රථ සහ මිලියන ගණනක මුදල් පිරිනමයි.

මාතෘකා