ඇමැති ගෝලයෙක්, සතොසේ කොමිස් සෙල්ලමේ

 ඡායාරූපය:

ඇමැති ගෝලයෙක්, සතොසේ කොමිස් සෙල්ලමේ

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති සතොස ආයතනය හරහා භාණ්ඩ බෙදාහැරීමේදී අතිවිශාල කොමිස් මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.

ඇමැති රිෂාඩ් බදූර්දීන්ගේ සමීපතමයකු විසින් මෙසේ අදාළ භාණ්ඩ බෙදාහරින ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් කොමිස් මුදල් ඉල්ලා සිටින බවත්, එම කොමිස් මුදල් ලබානොදෙන්නේ නම් වෙනත් ව්‍යාපාරිකයන්ට භාණ්ඩ බෙදාහැරීම භාරදීමට සිදු විය හැකි බවත් පවසා තිබේ. ඇමැතිවරයාගේ අදාළ සමීපතමයා කරුංකා ව්‍යාපාරය සම්බන්ධයෙන් ද නම් දරා සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් හෙළි වේ. මේ සමීපතමයා කරුංකා ප්‍රතිඅපනයනය සඳහා සමාගම් කිහිපයක් ද පවත්වාගෙන යන බව අනාවරණය කරන අදාළ ආරංචි මාර්ග, ඒ මගින් රුපියල් කෝටි ගණනක ආදායමක් උපයන බව ද පෙන්වා දෙයි.

මේ කරුංකා ව්‍යාපාරයට අදාළ බදු මුදල් නිසි පරිදි නොගෙවන බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, එම චෝදනා වලට අදාළ ව කිසිදු විමර්ශනයක් සිදු නොවූ බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා රේගුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ විමර්ශන කටයුතු ඇමැතිවරයාගේ මැදිහත්වීම මත නතර වූ බවට සැක කළ හැකි බවයි.