පීපල්ස් ලීසිං සමාගම දැවැන්ත සමාගම් ශ්‍රේණිගතයේ ඉදිරියට

 ඡායාරූපය:

පීපල්ස් ලීසිං සමාගම දැවැන්ත සමාගම් ශ්‍රේණිගතයේ ඉදිරියට

ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, වාර්ෂික Business Today 30 – 2017/18 ශ්‍රේණිගත සමාගම් අතරට එක්වෙමින් පසුගියදා සම්මානයට පාත්‍ර විය. ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානයට පත් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම මහජන බැංකුවට අනුබද්ධිත බැංකු නොවන මූල්‍ය සමාගමකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මෙම ප්‍රකාශයට පත් කිරීම සිදු විය.

2017/18 මූල්‍ය වර්ෂය තුළ සමාගම විසින් දක්වා ඇති මූල්‍ය කාර්යය සාධනය මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ප්‍රසිද්ධ කරන ලද එක් එක් සමාගම්වල තොරතුරු පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත. කොටස් පිරිවැටුම, ආදායම, බදු ගෙවීමෙන් පසු ලාභය, ප්‍රාග්ධන මත ඉපැයුම, කොටසක ඉපැයුම, වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය, කොටස් හුවමාරු වටිනාකම හා එකතු කළ වටිනාකම් වැනි සාධක මෙම ශ්‍රේණිගතය සඳහා සලකා බලන ලද නිර්ණායක වේ.

පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA – (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. මෙම සම්මානය පිළිගැනීමට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබ්‍රි ඊබ්‍රහිම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහභාගී වූහ.


ආපිකෝ වෙතින් පැරිසි සවාරියක්

රුපියල් 10,000 කට වැඩි භාණ්ඩ මිලදී ගැනීමේදී ක්ෂණික ත්‍යාග වවුචර හෝ පැරිසියේ නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව දිනාගැනීමේ වරම් මෙවර ආපිකෝ සුපිරි වෙළෙඳ සැල් වෙතින් පාරිභෝගිකයන්ට ලැබේ.

මෙම කාල සීමාවේදී ආපිකෝ සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නා වාසනාවන්ත පාරිභෝගිකයකුට සිය පවුලේ සාමාජිකයන් සමඟ පැරිසියට සංචාරය කිරීමේ වරම ආපිකෝ විසින් ලබාදෙයි. මෙම සංචාරය සඳහා වැයවන සියළුම වියදම් දරන්නේ ආපිකෝ විසිනි.

ජනවාරි 15 දක්වා කාල සීමාව තුළදී ඕනෑම ආපිකෝ ශාඛාවකින් රුපියල් 10,000ක් හෝ එයට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ (නම් කළ සන්නාම අටක් සමඟ) මිලදී ගැනීමේදී දිනුම් ඇදීම සඳහා එක්වීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා නම් කළ සන්නාම අතරට Munchee, Ritxbury, Tiara, Surf Excel, Astra, Dove, Signal, Comfort, Pringles, Heinz, Happy Cow, Turkey Oil, Anchor Gold, Milo, St Clair’s Tea, Coca Cola, Harpic, Lysol, Cinthol, Goldi, Finest, Sam’s Sausages, Todlo, Panda Baby, Soft Love, Kohomba, Rani, Dimo LED bulbs, Maskeliya, Dankotuwa සහ Elephant House ice cream ඇතුළත් වේ.

මාතෘකා