SLT වෙතින් දෙගුණයක් Data සහ 50%ක් දක්වා වට්ටම්

 ඡායාරූපය:

SLT වෙතින් දෙගුණයක් Data සහ 50%ක් දක්වා වට්ටම්

ශ්‍රී ලාංකේය ජනතාවට සිය සේවාවන් වැඩි වැඩියෙන් අත්විඳීම පිණිස සෑම උත්සව සමයකදීම සුවිශේෂී දීමනා රාශියක් ප්‍රදානය කරන, ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) මෙවරද උත්සව සමය වෙනුවෙන් විශේෂ දීමනා රාශියක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. පසුගියදා ඇරඹි මෙම ප්‍රවර්ධනය 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

SLT Megaline, Broadband, Peo TV හෙවත් Triple Play සබඳතා සහ Double Play (SLT Megaline සහ Broadband) සබඳතා අලුතෙන්ම ලබාගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් මෙන්ම දැනට පවතින සබඳතාව Double Play හෝ Triple Play දක්වා පුළුල් කරගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්ද මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළ සාමාන්‍ය මිලෙන් 50%ක උපරිමයක් දක්වා සුවිශේෂී අඩුකළ මිලට ඒවා පිරිනැමෙනු ඇත. මෙයට අමතරව wi-fi රවුටරය සුවිශේෂී අඩු මිලකට ලබාගත හැකිවේ.

මාතෘකා