KIU සරසවියේ ප්‍රථම හෙද උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් 20 වැනිදා

 ඡායාරූපය:

KIU සරසවියේ ප්‍රථම හෙද උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් 20 වැනිදා

KIU සරසවියේ ප්‍රථම හෙද උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 20 වැනිදා අභිමානවත් හා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එහිදී සිසු සිසුවියන් පනස් දෙදෙනකුට උපාධි සහතික පිරිනැමීමට නියමිතය. 2015දී KIU සරසවිය ඇරැඹුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසිනි.

සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමට අද්විතීය මෙහෙයක් ඉටු කරන සෞඛ්‍ය විද්‍යා පීඨය මඟින් විද්‍යාවේදී හෙද ගෞරව උපාධිය, විද්‍යාවේදී ජෛව වෛද්‍ය විද්‍යා ගෞරව උපාධිය, චීනකටු චිකිත්සාව පිළිබඳ වෛද්‍ය විද්‍යා ගෞරව උපාධිය, KAATSU පිළිබඳ වෛද්‍ය විද්‍යා ගෞරව උපාධිය සහ මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය යන උපාධිද, කළමනාකරණ පීඨය මඟින් මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය සහ අලෙවිකරණය යන උපාධිද පිරිනමයි.

මාතෘකා