Lonely Planet 2019 වසරේ අංක එකේ ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම ගාලුමුවදොර හෝටලය සමරයි

 ඡායාරූපය:

Lonely Planet 2019 වසරේ අංක එකේ ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම ගාලුමුවදොර හෝටලය සමරයි

ලෝකයේ අතිශය ජනාදරයට පත් සංචාරක උපදේශන ප්‍රකාශන සමාගමක් වන Lonely Planet විසින් ප්‍රකාශයට පත්කළ 2019 වසරේ සංචාරය කිරීමට හොඳම ගමනාන්ත අතුරින් පළමු ස්ථානයට ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් ලෝකය පුරා ප්‍රචලිත ශ්‍රී ලංකාව පත්වීමත් සමග ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වෙතින් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබෙමින් තිබේ.

මෙම ඓතිහාසික ජයග්‍රහණය සැමරීම සඳහා කොළඹ ගාලු මුවදොර හෝටලය විසින් පසුගියදා අති උත්කර්ශවත් උත්සවයක් පැවැත්වූ අතර ඒ සඳහා Lonely Planet සමාගමේ පාරිභෝගික විසඳුම් අංශයේ උප සභාපති, Andrew Hinshelwood මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතරට තානාපතිවරුන්, සංචාරක සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජිතයින්, මාධ්‍යවේදීන් සහ සංචාරක බ්ලොග් කරුවන් ඇතුළත් වී තිබිණි.

ශ්‍රී ලංකාව 2019 වසරේදී සංචාරය කිරීම සඳහා හොඳම ගමනාන්තය ලෙස තෝරා ගැනීමට හේතුවූ කරුණු පිළිබඳව අදහස් දක්වමින් Lonely Planet සඳහන් කරන්නේ

ශ්‍රී ලංකාව තුළ තිබෙන ඉතාමත් හොඳ ප්‍රවාහන සබඳතා, අළුත් සංචාරක හෝටල් ඉදිවී තිබීම සහ විවිධ වූ විනෝදාස්වාද සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා තිබෙන අවස්ථාව මෙම ජයග්‍රහණය ලබාගැනීම සඳහා හේතුවී තිබෙන බවයි. Lonely Planet යනු සංචාරක ග්‍රන්ථ ප්‍රකාශනයේ ලොව තිබෙන දැවැන්තම සමාගමක් පමණක් නොවන අතර ලෝකයේ සියලු කලාපවලට අදාළ පුළුල් සහ සවිස්තරාත්මක සංචාරක මාර්ගෝපදේශනයක් මෙම සමාගම විසින් සංචාරකයන්ට ලබාදෙයි.

මාතෘකා