i-Roof ‘විශිෂ්ටතම නව්‍යකරණ සම්මානයෙන්’ පිදුම් ලබයි

 ඡායාරූපය:

i-Roof ‘විශිෂ්ටතම නව්‍යකරණ සම්මානයෙන්’ පිදුම් ලබයි

අයිඩියා සමූහ ව්‍යාපාරයේ 'i-Roof' වෙළෙඳ සන්නාමය 17 වැනි SLIM Brand Excellence – 2018 සම්මාන උළෙලෙහි 'විශිෂ්ටතම නව්‍යකරණ සම්මානයෙන්’ පිදුම් ලැබීය.

SLIM Brand Excellence – 2018 සම්මාන උළෙල මහ බ්‍රිතාන්‍යයේ Top 100 සමාගමක ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන ලලිත් ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණ.

වහලය සෙවිලි කිරීමේ පෙරළිකාර නිෂ්පාදනයක් ලෙසින් සමූහ ව්‍යාපාරය හඳුන්වා දුන් i-Roof වහලය සෙවිලි කිරීම සම්බන්ධයෙන් වෙනස් ආකාරයට සිතන ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර කදිම ඉල්ලූමක් නිර්මාණය වූ නිෂ්පාදනයකි.

මාතෘකා