Xiaomi නිල වශයෙන් මෙරට වෙළෙඳපොළට ඇතුළු වෙයි

 ඡායාරූපය:

Xiaomi නිල වශයෙන් මෙරට වෙළෙඳපොළට ඇතුළු වෙයි

සමාගමේ පළමු සිව්-කැමරා Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකථනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා වෙළෙඳපොළේ සිය ආධිපත්‍යය පුළුල් කිරීම සඳහා නිල වශයෙන් එකතු වන බව තාක්ෂණික ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයකු වන Xiaomi සමාගම විසින් පසුගියදා නිවේදනය කළ අතර මෙහිදී මෙරට වෙළෙඳපොළට වැඩිපුර සහයෝගය ලබාදීමට සමාගම සැලසුම් කර තිබේ. මෙහිදී, සමාගම විසින් සිය පළමු සිව්-කැමරා ස්මාර්ට් ජංගම දුරකථනය වන Redmi Note 6 Pro මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙමින් සඳහන් කළේ මෙරට ජංගම දුරකථන වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වන POCOPHONE F1, Mi A2, Mi A2 Lite, Redmi S2, Redmi 6 සහ Redmi 6A දුරකථනද මෙරට වෙළෙඳපොළට නිල වශයෙන් හඳුන්වා දෙන බවයි.

ස්මාර්ට් ජංගම දුරකථනවල සාමාන්‍ය ස්වභාවය විදහා දක්වමින් සමාගම විසින් හඳුන්වා දුන් Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරියද ආරෝපණය කිරීමෙන් පසුව දින දෙකක කාලයක් භාවිත කළ හැකිබව සමාගම සඳහන් කරයි. එසේම, මෙම ස්මාර්ට් ජංගම දුරකථනය මගින් මෙම ජංගම දුරකථන කාණ්ඩයට පළමු වරට සිව්-කැමරා අත්දැකීම එක්කර තිබීම කැපී පෙනේ. එසේම, අංක එකේ පිළිගැනීමට ලක්වී තිබෙන LiquidCool තාක්ෂණයෙන් සහ දිගු කාලයක් පවතින 4000mAh බැටරියකින්ද මෙම දුරකථනය සවිබල ගන්වා ඇත. Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකථනයේ ඉදිරිපස තිබෙන 20MP + 2MP ද්විත්ව කැමරා මගින් කිසිදු ගැටලුවකින් තොරව සේයාරූ ලබාගැනීමේ හැකියාව ලබාදී තිබෙන්නේ සජීවී සේයාරූ නැරඹීමේ අවස්ථාවද ලබාදෙමිනි. මෙම දුරකථනයේ පිටුපස තිබෙන 12MP + 5MP ද්විත්ව කැමරා මගින් අඳුරු ආලෝක තත්ත්වයක් යටතේ වුවද ඉතාමත් පැහැදිලිව 1.4µm පික්සෙල් ධාරිතාවකින් යුතු සේයාරූ ලබාගත හැකිබව සමාගම සඳහන් කරයි.

Redmi Note 6 Pro ස්මාර්ට් ජංගම දුරකථනය කළු සහ නිල් වර්ණයන්ගෙන් යුක්තව 3GB + 32GB සහ 4GB + 64GB යන මාදිලිවලින් වෙළෙඳපොළට නිකුත් කර තිබෙන බව සමාගම සඳහන් කරයි.

මාතෘකා