ලංකා පේ ටෙක්නෝවේෂන් සම්මාන 2018 ඇරඹේ

 ඡායාරූපය:

ලංකා පේ ටෙක්නෝවේෂන් සම්මාන 2018 ඇරඹේ

ශ්‍රී ලංකාව තුළ ලංකා පේ ජාතික ගෙවුම් ජාලය මෙහෙයවනු ලබන ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලබන ‘ලංකා පේ ටෙක්නෝවේෂන් සම්මාන 2018’ උළෙල 2018 අගෝස්තු 2 වන දින කොළඹ ගලදාරී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී දියත් කරන ලදි.

මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ නිරන්තරයෙන් පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීමට උත්සාහ දරමින් මෙරට ඉලෙක්ට්‍රොනික් ගෙවුම් වේදිකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල මෙහෙවරක නියැලී සිටින ගෙවුම්කරණ තාක්ෂණයේ පුරෝගාමී නවෝත්පාදකයින් ඇගයුමට ලක් කිරීමය.

ලංකා පේ ටෙක්නෝවේෂන් සම්මාන උළෙල මෙරට ප්‍රථම හා එකම වාර්ෂික ගෙවුම්කරණ තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙල වන අතර පසුගිය වසරේ ලද සාර්ථකත්වය සමඟින් මෙවර එය පවත්වනු ලබන්නේ අඛණ්ඩව දෙවන වසර සඳහාය.

මෙම උළෙල 2018 සැප්තැම්බර් 20 වන දින ෂැංග්‍රිලා හෝටලයේදී ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වන ගරු විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් - විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන්ගේ සම්භාවනීය සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම උළෙලේදී ප්‍රකට ජාත්‍යන්තර දේශකයකු විසින් අනාගත මෙහෙයුම් තාක්ෂණයන්ට අදාළ නුතන වෙසෙසියාවන් පිළිබඳ සිදු කරන ප්‍රධාන දේශනය උළෙලට වැඩි අගයක් එක් කරනු ඇත.

මාතෘකා