බුද්ධිමය නායකත්වය පිළිබඳ ලොව අංක එකේ දේශක ජෝන් මැටෝන් ශ්‍රී ලංකාවට

 ඡායාරූපය:

බුද්ධිමය නායකත්වය පිළිබඳ ලොව අංක එකේ දේශක ජෝන් මැටෝන් ශ්‍රී ලංකාවට

මෙරට අලෙවිකරණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ‘ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය’ හෙවත් SLIM හී මේ වසරේ කැපී පෙනන ඉසව්වක් බවට පත්වන John Mattone in Sri Lanka වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු ඉකුත්දා දියත් කරන ලදි. ඒ අනුව බුද්ධිමය නායකත්වය පිළිබඳ ලොව අංක එකේ දේශක ජෝන් මැටෝන් මහතා ශ්‍රී ලංකාවට කැඳවමින් මෙරට ව්‍යාපාරික නායකයන් වෙනුවෙන් මිල කළ නොහැකි වටිනාකමින් යුත් අවස්ථාවක් උදාකරදීමට SLIM කටයුතු යොදා තිබේ. එහිදී වැඩමුළු දෙකක් පැවැත්වීමට නියමිත අතර එහි Knowledge Forum වැඩමුළුව ෂැංග්‍රිලා හෝටලයේදී CEO’s Breakfast Forum වැඩමුළුව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ලොව වැඩිම අලෙවියක් වාර්තාවන ගත් කතුවරයකු මෙන්ම Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ පුහුණුකරු වන ජෝන් මැටෝන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අදාළ වැඩමුළු ජුනි 12 සහ 13 යන දෙදින පැවැත්වීමට යෙදී ඇත. John Mattone in Sri Lanka’ විසින් ශ්‍රී ලංකාවේ නායකත්ව චින්තන සංවර්ධනයේ සන්ධිස්ථානයක් සටහන් කෙරෙනු ඇත. The Knowledge Forum සහ CEO’s Forum ලෙසින් නම් කර ඇති අදාළ ඉසව් දෙකේදී පොදු මහජනතාව වෙනුවෙන් සහ ඉහළ පෙළ කළමනාකරණ කාර්යමණ්ඩල වෙනුවෙන්, සිත්බඳනාසුලු දැනුම බෙදාගැනීමේ අවස්ථාවක් නවතාවයෙන් යුත් ආවේණික අත්දැකීමක් ලෙසින් විඳගැනීමට හැකිවනු ඇත.

ජෝන් මැටෝන් යනු බුද්ධිමය නායකත්වය පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥයකු , විධායක පුහුණුකරුවෙකු සහ IL Executive Coaching Process and Certification හි නිර්මාතෘවරයාද වේ. එසේම ඔහු ලොව පුරා පිහිටි සංවිධාන 250කට වැඩි සංඛ්‍යාවක උපදේශකවරයකු ලෙසින් ක්‍රියාකරන අතර ලොව පුරා විධායක මට්ටමේ පුද්ගලයන් 200කට වැඩි පිරිසකගේ පුහුණුකරු ලෙසින්ද කටයුතු කර තිබේ. ජෝන් මැටෝන ගේ ශ්‍රී ලංකා ආගමනය ඔහු විසින් ඇමතීමට නියමිත වැඩමුළු දෙක, දේශීය ව්‍යවසායකත්ව, කළමනාකරණ සහ ව්‍යාපාරික ප්‍රජාවන් හට අතිශයින් අගනා අත්නොහැරිය යුතු අත්දැකීමක් වනු ඇත.

 

ඡායා [ශාන් රඹුක්වැල්ල]

මාතෘකා