පිබිදෙන ලොව

 ඡායාරූපය:

පිබිදෙන ලොව

රොයිබි රොබොට්

Roybi Robot

ඔබ විවිධ රොබෝවරුන් ගැන අසා ඇතිවාට සැකයක් නැත. වර්තමානය වන විට රොබෝවරුන් වැඩි වශයෙන් එදිනෙදා ජීවිතයට සමීප කරගන්නා අවස්ථා වැඩිවෙමින් පවතී. මේ කියන්නට යන්නේ කුඩා ළමුන් වෙනුවන්ම නිවපදවූ හුරුබුහුටි පිටසක්වල ජීවියකුගේ හැඩයට සමානව නිපදවා ඇති රොයිබි නම් රොබෝවරයකු ගැනයි.

වර්තමානයේ තාක්ෂණයට අලුතින් එක්වී ඇති කෘත්‍රිම බුද්ධියත් උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති රොබෝ මඟින් වයස අවුරුදු 3 සිට 7 දක්වා ළමයින්ට භාෂාව ඉගෙන ගැනීමට සහ STEM කුසලතා වර්ධනට විශාල දායකත්වයක් දක්වයි. රොයිබි රොබෝවරයා දරුවාගේ ඉගෙනුම් ශෛලිය මනාව අවබෝධ කරගෙන එහිදී පාඩම්වලට සහ ඒවාට ප්‍රතිචාර දක්වමින් දරුවාගේ හැඟීම් පවා හඳුනාගැනීමේ විශේෂ හැකියවකින් යුක්තයි.

කුඩා දරුවන් වඩාත් ප්‍රිය කරන අන්තර්ගතයන් හොඳින් හඳුනාගෙන ඔහු හෝ ඇයට කතාවක් ඇසීමට, ගීතයක් ගායනා කිරීමට හෝ පාඩමක් ඉගෙන ගැනීමට උදවු කරන මේ පුංචි රොබෝවරයා ඔවුන් අතර බොහෝ ජනප්‍රියවීමට පටන්ගෙන ඇත. ඩොලර් 189ක පමණ මුදලකට ලබාගැනීමට හැකියාව ඇති අතර මෙමඟින් දරුවන්ගේ කුඩා කල බුද්ධිය වර්ධනය සඳහා මනා පිටිවහලක් වන බවයි එම නිෂ්පාදන සමාගම පවසන්නේ.

ශල්‍යාගාර කළු පෙට්ටිය

Operating Room Black Box

කළු පෙට්ටිය කියූ සැණින් ඔබට මතකයට එන්නේ ගුවන් යානාවල ඇති බවට ඔබ අසා ඇති කළු පෙට්ටියයි. මේ කියන්නට යන්නේ නම් එවැනි කළු පෙට්ටියක් ගැන වුවත් මෙයනම් පවතින්නේ ශල්‍යාගාර තුළයි. සෑම වසරකදීම ලොව පුරා සිදුකරන මිලියන 300ක් පමණ සැත්කම්වලින් මිලියන 50ක පමණ විවිධ සංකූලතා ඇති වන අතර මිලියන 3ක් පමණ රෝගීන් මරණයට පත්වේ.

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙහි ශල්‍ය වෛද්‍ය ටියෝඩර් ග්‍රාන්චරෝව් විසින් නිපදවා ඇති මෙම Operating Room Black Box උපකරණය ශල්‍යාගාර තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත් වී ඇත. ශල්‍යකර්මයකදී යම් වැරැද්දක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට සහ එම ශල්‍යකර්මයේ සමස්ත ආරක්ෂාව රඳාපවත්වා ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ.

ගුවන් යානයක කළු පෙට්ටිය ගුවන් යානය පුරා දත්ත වාර්තා කරගන්නවා සේම Operating Room Black Box මඟින් ශල්‍යාගාරයේ සහ ශල්‍යකර්මයේ සම්පූර්ණ පටිගත වීමක්ද විද්‍යුත් ශල්‍ය උපකරණවලින් ලැබෙන ප්‍රතිචාර සහ තවත් බොහෝ දේ වාර්තා කරන අතර ඒවා පටිගත වීමක්ද සිදුකර ගනී. සිදුකරන ලද යම් ශල්‍යකර්මයක් පිළිබඳ පසුව දත්ත විශ්ලේෂණය කිරීමට හෝ වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා ඉගැන්වීමේ කාර්යයටද මෙමඟින් විශාල දායකත්වයක් සැපයේ. Operating Room Black Box යුරෝපා රටවල මුලින්ම භාවිතයට ගැනුණු අතර එක්සත් ජනපදයේද වර්තමානයේදී මෙය භාවිතයට ගනු ලබනවා.

ගෘහස්ත ගොවිපළ

AeroFarms

වර්තමානය වන විට ලෝකය ආහාර පිළිබඳ දැඩි අර්බුදයක පසුවන අතර මිලියන ගණනක් දැනටමත් ඉන් පීඩා විඳිති. විවිධ හේතූන් මීට බලපාන අතර ඉන් දේශගුණය වෙනස් වීමෙන් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බව පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.

ගොවිතැන් කටයුතු සඳහා වැඩි වශයෙන් ජලය අවශ්‍ය වන අතර AeroFarmsහිදී ජලය 05%ක් පමණ භාවිත කරමින් ගෘහස්ථ ගොවිතැන් කටයුතු සඳහා මනා තාක්ෂණයක් එහි ඇතුළත් බවයි ඔවුන් පවසන්නේ. විවිධ පරිසර තත්ත්ව යටතේ අපිරිසිදු ලෙස ගොවිතැන් කටයුතු සිදුකරනවාට වඩා මෙම භෝග ප්‍රතිචක්‍රීයකරණය කළ ජල බෝතල් යොදා ගනිමින් නැවත භාවිත කළ හැකි පරිදි සකස් කළ රෙදි කැබැල්ලක වර්ධනය වීමට සලස්වා ඇත. බෝග සඳහා වතුර යොදනවාට වඩා වෙනස්ම ක්‍රමයක් මෙම ගොවිපොළවල භාවිත වේ. ජලය මෘදු මීදුමක් මඟින් වගාවන්ට ලැබීමට සලැස්වීමයි මෙහිදී සිදුකරන්නේ. AeroFarmsහි දැනටමත් විවිධ වගාවන් සිදුකරන අතර විවිධ පරිසර තත්ත්ව යටතේ ලෝකය මුහුණදෙන ආහාර අර්බුදයට හොඳ විසඳුමක් අනාගතයේදී මෙයින් ලැබේ යැයි එම සමාගම බලාපොරොත්තු වෙනවා.

කතා කරන ශ්‍රවණාධාර

A Talking Hearing Aid

උපතින් මෙන්ම විවිධ අනතුරු හේතුවෙන් ද ශ්‍රවණාබාධවලට මිනිසුන් පත්වේ. එවන් අවස්ථාවලදී ශ්‍රවණාධාරකයකින් ප්‍රයෝජන ගත හැකි වුවද බොහෝ අය ඒ සඳහා යොමු නොවන්නේ තම දුර්වලතාවක් බාහිර ලෝකයට පෙනේවි යන බියෙනි. මෙවැනි අය සඳහා විශේෂයෙන්ම ප්‍රමාණයෙන් කුඩා ශ්‍රවණාධාරකයක් නිපදවීමට ස්ටාර්කි හියරින් ටෙක්නොලොජීස් සමත්ව ඇත.

සාමාන්‍ය ශ්‍රවණාධාරකයකට වඩා ශබ්දය වැඩියෙන් ඇසීමට හා බාහිර පරිසරයේ ශබ්ද අඩුවෙන් ඇ⁣සීමට හැකිවන පරිදි ⁣මෙම Starkey Livio AI උපකරණය නිපදවා ඇත. Starkey Livio AI සංවේදක සහ කෘත්‍රිම බුද්ධියෙන් සමන්විත වන අතර මෙමඟින් සිංදු ඇසීමට යම් සංවාදයක් ඔබේ භාෂාවට පරිවර්තනය කර ගැනීමට ශාරීරික ක්‍රියාකාරකම් මැනීමට හුදෙකලාව සිටින පුද්ගලයන්ට, ඔවුන් වෙනත් පුද්ගලයන් සමඟ කොපමණ වාරයක් කතා කරනවාදැයි ⁣දැන ගැනීමට බුද්ධිමත් සහායකයකු වනවා මෙන්ම ඔබට වාචිකව පිළිතුරු දීමේ හැකියාවක්ද එයට සතුය.

විවිධ ශ්‍රවණාධාරකයන් තුළින් Starkey Livio AIට වැඩි ඉල්ලුමක් පවතින අතර වැඩියෙන්ම අලෙවි වූ ශ්‍රවණාධාරකයද මෙය වන අතර සාමාන්‍ය ශ්‍රවණයට වඩා හොඳින් මෙම Starkey Livio AI පවතින බව ස්ටාර්කි හි ප්‍රධාන තාක්‍ෂණ නිලධාරි අචින් භව්මික් පවසයි.

සජීවී රොබෝ අත

A More Lifelike Prosthetic

මිනිසකුගේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා ශරීරයේ පවතින අත්‍යවශ්‍ය අවයවයක් ලෙස අත සැලකිය හැකිය. යම් දෙයක් ස්පර්ශ කර ක්‍රියාවක් සිදුකිරීමට අත හෝ කකුල බෙහෙවින් උපකාරී වේ. විශේෂයෙන්ම එයිනුත් අත අපගේ එදිනෙදා කටයුතුවලට අත්‍යවශ්‍ය අවයවයකි. කෘත්‍රිම අත පැලඳුවද එය බාහිරට අතක පෙනුම පෙන්නුම් කළද ඉන් යම් ක්‍රියාවක් සිදුකර ගැනීමට නම් හැකියාවක් නොමැති තරම්ය. තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව එකට එක්වෙමින් ඊට පිළියමක් වීමට අත්හදා බලන සාර්ථක උත්සාහයක ප්‍රතිඵල ඔබට දැකබලා ගැනීමට මෑදකදීම හැකියාවක් ඇත.

BrainRobotics AI Prosthetic Hand නමින් හඳුන්වන මෙය අසීමිත අභිනයන් සහ ග්‍රහණයන් සිදුකිරීමට හැකිවන පරිදි කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන අතකි. දැනට පවතින අනෙකුත් කෘත්‍රිම අත් මෙන් නොව මෙය ඇල්ගොරිදමයක් භාවිත කරමින් අත සහ අත පැලඳ සිටින පුද්ගලයා අතර මනා සංනිවේදනයක් ගොඩනැඟීමට ඉඩ සලසයි. මෙම කෘත්‍රිම අතෙහි මැණික් කටුවෙහි බහු චැනල් ඉලෙක්ට්‍රොමෝග්‍රැෆි සංවේදක අටක් ද යොදා ඇති අතර එමඟින් පැලඳ සිටින්නාගේ අතේ ඇති මාංශ පේශි හා සම්බන්ධ වී අත සක්‍රිය කරයි. මෙම BrainRobotics AI Prosthetic Hand තවමත් පරීක්ෂණ අදියරෙහි පැවතුනද එක් පරීක්ෂණ අවස්ථාවකදී ඉතා සාර්ථකව පියානෝ වාදනය කිරීමට පැලඳ සිටි පුද්ගලයාට හැකි විය.

“අපගේ නව නිපැයුමෙන් දෑත් අහිමි පුද්ගලයන්ට ඔවුන්ගේ සැබෑ දෑත් භාවිත කරන අයුරින්ම වෛද්‍ය විද්‍යාවද උපයෝගී කර ගනිමින් මෙය සාර්ථකව නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි මවු සමාගම වන බ්‍රයින්කෝහි සභාපති මැක්ස් නිව්ලන් පවසයි. දැනට මෙහි මිල ඩොලර් 10,000 සිට 15,000 අතර මිලකට අලෙවි කිරීමටයි එම සමාගම බලාපොරොත්තු වන්නේ.

අධිවේගී ගේමින් මවුස්

Lightspeed Wireless Gaming Mouse

ලොකු කුඩා සැම දෙනා අතර ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවකි පරිගණක ක්‍රියාව. ඒ සඳහාම ඇබ්බැහි වූ පිරිසක් ලොව අනාගතයේදී දැකගත හැකි බවට බොහෝ පරීක්ෂකයන් දැනටමත් අනාවැකි පළකර අවසන්. පරිගණක ක්‍රීඩා සඳහාම විශාල වශයෙන් වියදමක් දරා පරිගණක උපාංග ලබාගන්නා සැමටනම් මෙය හොඳ ආරංචියක්. ඉන් නැතුවම බැරි උපාංගයක් වන Mouse (මූසිකය) පහසුකම් රැසකින් සමන්විතව නිපදවීමට ලොජිටෙක් හි කණ්ඩායමක් සමත්වී ඇත.

රැහැන් රහිත වීම එක් විශේෂත්වයක් වන අතර පැය 60ක බැටරි ආයු කාලයක් පවතින පරිදි නිපදවා ඇත. මෙහි Button 11කින් සමන්විත වන අතර බර ග්‍රෑම් 7ක් පමණ වන ඉතා සැහැල්ලු අයුරින් නිපදවීම පරිගණක ක්‍රීඩාවට මනා පිටිවහලකි. ඒ වගේම ඉතා හොඳ සංවේදීතාවකින්ද යුක්ත වන මෙම Logitech G502 Lightspeed Wireless Gaming Mouse එක ඩොලර් 150කට මිලදී ගැනීමට හැකිය.

ලොජිටෙක් ජී හි කළමනාකරුවකු වන ක්‍රිස් පේට් සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක අත්දැකීම්, පර්යේෂණ සහ තාක්‍ෂණික දියුණුව භාවිත කරමින් නව බලශක්ති කාර්යක්ෂමතාවට ඔරොත්තු දෙන පරිදි මෙය නිර්මාණය කර ඇති අතර එමඟින් වේගවත් ක්‍රීඩා අත්දැකීමක් ලබාගැනීමට හැකියාව පවතින බවයි ඔවුන් පවසා සිටින්නේ.

[ගයාන් සංජය]

2019 Google Users’ Choice ජය ගත්තෝ

පසුගිය වසරේ අවසන් කාර්තුවේ සිට මේ වසරේ තෙවන කාර්තුව වන විටත් Apps ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් Play Store වෙත එක්ව තිබිණි. එතරම් ප්‍රමාණයකින් හොඳම එකක් බවට තේරීපත් වීම ලෙහෙසි පහසු කාරණයක් නොවේ.

යුද්ධමය ක්‍රීඩාවකින්, Apps අතර යුද්ධයක් ජයගත් Call of Duty

2018 වර්ෂය PUBG අත්පත් කර ගනිද්දී, 2019 වර්ෂයේ හොඳම Game එක සඳහා වූ කිරුළ Battle Royale ද ඇතුළත් කර ගනිමින් නිකුත් වූ CoD වෙත ලැබිණි. ගූග්ල් සමාගම මේ ‍මොබයිල් ගේම් එක “Users’ Choice 2019” සහ “Best Game of 2019” යන කාණ්ඩ දෙකම යටතට යොදා ඉහළින්ම ඔසවා තබනු ලැබීය.

පෞද්ගලිකත්වය රකින Jumbo

ගූග්ල්, ෆේස්බුක් සතුව අපේ පෞද්ගලික තොරතුරුවලින් අසීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඒ රැහැනින් මිදී නිවහල් දිවියක් ගෙවන්නට නම් දැන් පටන් ඊට සූදානම් විය යුතු ය. නැතහොත්, ඔබ හෙට කරන්නට සිටින දේවල්, යන තැන්, ඡන්දය දෙන්නේ කාට ද වැනි සියලු දේ ඔවුන්ට පහසුවෙන්ම අනුමාන කරන්නට හැකි වනු ඇත.

Jumbo යනු මේ සියල්ලට විසඳුමක් ගෙන ආ App එකකි. එය අප භාවිතා කරන Apps පරීක්ෂා කරමින් ඒවායෙන් අපේ දත්ත රැස් කරන ආකාරය විශ්ලේෂණය කොට ඒවා නවතා දමන ආකාරය පිළිබඳව උපදෙස් ලබා දෙයි. පැරණි ෆේස්බුක් පෝස්ට් හෝ ට්වීට් මකන්නට පහසුකම් ලබා දීම, Ads සඳහා දත්ත රැස්කිරීම වළක්වාලීමට, නොදැනුවත්කම නිසා පුද්ගලික දත්ත බැහැරව යාම වළක්වාලීමට එය සහයෝගය ලබා දෙයි.

වීඩියෝ සංස්කරණයේ හිණිපෙත්තට ආ Inshot Video Editor

මේ වසරේ ගූග්ල් සමාගමෙහි “Users’ Choice 2019” ජනතා සම්මානයට පාත්‍ර වූයේ Inshot වෙතින් ගෙන ආ Video Editor ඇප් එක යි. මිලියන 10 ඉක්ම වූ බාගත කරගැනීම් සංඛ්‍යාවක් සහ 67,600 ඉක්ම වූ Reviews අතරින් 4.6ක Rating අගයක් ලබා ගන්නට මෙය දැනටමත් සමත්ව තිබේ.

පැරණි VHS වීඩියෝ ආකාරයට, Noise හා Glitches සහිතව වීඩියෝ රෙකෝඩ් කිරීමට හා සැකසීමට, වීඩියෝ සංස්කරණයට, YouTube හා IGTV වැනි සේවාවන්ට ගැළපෙන පරිමාණයෙන් යුත් වීඩියෝ සැකසීමට ඇතුළු පහසුකම් රැසක් මෙය නොමිලේම සපයයි. එනිසා කුඩා වීඩියෝවක් සංස්කරණය කිරීමේ සිට Vlogging කරන කෙනෙක් දක්වාම පුළුල් විශේෂාංග ප්‍රමාණයක් ලබා දීමට මෙය සමත් වෙයි.

මේ වසරේ හොඳම නව සමාජ ජාලය වූ Ablo

ගූග්ල් සමාගමේ Best App of 2019 හෙවත් වසරේ හොඳම App එක වශයෙන් පිදුම් ලද්දේ Ablo නමැති සමාජ ජාලයකි. මෙය අහඹු ලෙස ලොව විවිධ රටවල සිටින මිතුරු මිතුරියන් හමුවීමටත්, ඔවුන් සමග කතාබහ කිරීමට අවස්ථාව සලසා දෙයි. ෆේස්බුක්වලට වඩා මෙහි ඇති විශේෂත්වය නම් ඔබ දන්නා කියන අයටම සීමා නොවී අලුත් විදේශීය මිතුරන් හඳුනාගන්නට අවස්ථාව සැලසීම යි. මෙහි ඇති තවත් අපූරු විශේෂාංගයක් නම්; මැසේජ් පරිවර්තනය කළ හැකි වීමයි.

ලෝකය වටා ගමන ආරම්භ කරන්නට ප්‍රථම එය අවවාදයක් ලබා දෙයි. ඒ, ආලවන්ත හැඟීම් පෑම (flirting), ඡායාරූප හෝ පුද්ගලික විස්තර ඉල්වීම, ලිංගික වශයෙන් අයුතු යෝජනා කිරීම, බැණවැදීම, ජාතිවාදී හෝ ප්‍රචණ්ඩක්‍රියා කිරීම, ස්පෑම් කිරීම යනාදියෙන් වළකින ලෙස යි. එයට අනුගත නොවුණහොත් පෑල දොරින් පිටමං කරන්නට සිදුවන බවත් ඔවුන් සඳහන් කරයි. නව සමාජ ජාලයකට කෙනෙක් පිවිසීමට අකමැති ප්‍රධානම හේතූන් ඒවා ය. මේ අනතුරු හැඟවීම සිත නිදහස් කරවයි.

[තඹරු විජේසේකර]

News Order: 
0
මාතෘකා