රජු ඉවත් වේ නව රජු ගැන තීරණය 24දා

 ඡායාරූපය:

රජු ඉවත් වේ නව රජු ගැන තීරණය 24දා

සිය ධුරයෙන් ඉවත් වීමට මැලේසියාවේ 15 වැනි රජු වන සුල්තාන් මුහමද් පෙරේදා (6) තීරණය කළේය. ධුරයට පත් වී වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉවත් වූ ප්‍රථම රජු ලෙස සුල්තාන් මුහමද් ඉතිහාසගත වේ. නව රජු ලබන 24 වැනිදා තෝරා ගන්නා බව එරට බලධාරිහු ප්‍රකාශ කරති. දිවුරුම්දිම එළැඹෙන 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

එරට ව්‍යවස්ථාවට අනුව රාජ්‍යත්වය සදහා වසර පහකට වරක් කෙනෙකු පත් කිරිමටයි නියමිත වේ. හිටපු රුසියානු රූ රැජිනක් සරණපාවා ගැනීම සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වීම සුල්තාන් මුහමද් රජුගේ ඉල්ලා අස්වීමට බල පා අතැයි සැලකේ.

මාතෘකා