පවුල් පාලනයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් 'කුමන්ත්‍රණය පරාජය කළා' රජය පවසයි

 ඡායාරූපය:

පවුල් පාලනයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් 'කුමන්ත්‍රණය පරාජය කළා' රජය පවසයි

බටහිර අප්‍රිකාවේ ගැබොන් රාජ්‍යයේ බලය අත්පත් කර ගැනීමට හමුදාව ප්‍රයත්නයක් දරා ඇත. එම කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරීමට හැකි වූ බව එරට රජය නිවේදනයක් නිකුත් කර තිබේ.

එරට වේලාවෙන් අලුයම 4.30ට පමණ ජාතික ගුවන්විදුලි සේවයේ පාලනය සියතට ගනිමින් කෙටි නිවේදනයක් විකාශනය කළ හමුදාව "ජාතික ප්‍රතිෂ්ඨාපන මණ්ඩලයක්" පිහිටවූ බව ප්‍රකාශ කළේය. රටේ "ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපනය කිරීම සඳහා" බලය අත්පත් කරගත් බවද කනිෂ්ඨ හමුදා නිලධාරීන පිරිසක් පවසා ඇත.

සිය පියා වන ඔමාර් බොන්ගෝ ගෙන් පසුව 2009 වසරේදී ජනාධිපති තනතුරට පත් වූ අලි බොන්ගෝ දැනට රෝගී තත්වයෙන් පසුවන අතර ඛනිජ තෙල් නිධි බහුල ගැබොන් රාජ්‍යය පසුගිය දශක පහක කාලයක් බොන්ගෝ පවුලේ සාමාජිකයන් විසින් පාලනය කරනු ලැබිණි.

ප්‍රචණ්ඩ ක්‍රියා සහ දූෂණ චෝදනා සහිත වූ 2016 මහ මැතිවරණයෙන් අලි බොන්ගෝ ජය ගත් නමුත් තම ප්‍රතිවාදියා සහ ඔහු අතර ඉතා අඩු ඡන්ද පරතරයක් පැවැතිණි.

මෙම හමුදා කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බවත්, කුමන්ත්‍රණකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත බව රජයේ ප්‍රකාශක, ගයි බර්ට්‍රන්ඩ් පවසයි.

මාතෘකා