දෙරටේ සිරකරු ලැයිස්තු හුවමාරුවක්

 ඡායාරූපය:

දෙරටේ සිරකරු ලැයිස්තු හුවමාරුවක්

ඉන්දියාව සහ පාකිස්තානය අතර සිරකරුවන්ගේ ලැයිස්තු හුවමාරුව ඊයේ (02) සිදුවිණි. දෙරට අතර 2008 වසරේදී ඇති කරගත් එකඟතා ගිවිසුමට අනූව මෙම හුවමාරුව සිදු විය.

ඉන්දීය අත්අඩංගුවේ සිටින පාකිස්තාන සිරකරුවන්ගේ සංඛ්‍යාව 347කි. ඉන්දීය සිරකරුවන් 537ක් පාකිස්තාන අත්අඩංගුවේ සිටින බවට තොරතුරු හෙළිව තිබේ. මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවරයෝ පිරිසක්ද ඒ අතර වෙති. සිරදඬුවම් කාලය නිමකළ පුද්ගලයන් යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද දෙරට අතර සාකච්ඡා පැවැත්විණි. විශේෂ නියෝජිත කණ්ඩායමක් ඒ සඳහා යෙදවීමටත් අවධානය යොමුව තිබේ.


තායිවානයේ අයිතිය ගැන ෂී ජින්පින්ගෙන් ප්‍රකාශයක්

තායිවානය, චීනයට අයිති කොටසක් බව වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි බව චීන ජනපති ෂී ජින්පින් පවසයි. තායිවානය චීනයට ඈඳා ගැනීම වෙනුවෙන් යොදන හමුදා බලය තව දුරටත් තර කිරීමට තමන් අදහස් කරන බවද චීන ජනපතිවරයා මෙහිදී පැවසීය.

'චීන රජ්‍යයන් දෙකක්, එක් චීනයක්-එක් තායිවානයක් හෝ ස්වාධීන තායිවානයක් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ කුමන්ත්‍රණවලට අපි දැඩිව විරුද්ධයි' යනුවෙන්ද ජින්පින් ජනපතිවරයා අදහස් පළ කර තිබේ.

තායිවානය සමඟ සම්බන්ධය බිඳී යාමේ දශක හතරක සැමරුම අවස්ථාව අවස්ථාවේදී චීන ජනපතිවරයා මෙලෙස අදහස් දක්වා ඇත.

 

මාතෘකා