අකිහිතෝ අධිරාජ්‍යයා අවසන් නිල අවුරුදු සුබ පැතුම සිදු කරයි

 ඡායාරූපය:

අකිහිතෝ අධිරාජ්‍යයා අවසන් නිල අවුරුදු සුබ පැතුම සිදු කරයි

ඊයේ (2) ජපාන අධිරාජ්‍යය මැදුරේදී සිය අවසන් නිල අවුරුදු සුබ පැතුම සිදු කිරීමට ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා කටයුතු කළේය. මේ වසරේ අප්‍රේල් මාසයේදී තම රජකම අත්හරින බවට අකිහිතෝ අධිරාජ්‍යයා මීට පෙර නිල වශයෙන් දැනුම් දී තිබිණි.

ජපානය තුළ වඩාත්ම ගෞරවයට පාත්‍රවන පුද්ගලයා සේ සැලකෙන අකිහිතෝ අධිරාජ්‍යයාගේ අවසන් සුබ පැතුම් පණිවිඩය ඇසීම සඳහා 72,000කට අධික ජපාන වැසියන් පිරිසක් ටෝකියෝ අගනුවර පිහිටි අධිරාජ්‍යය නිල මැදුරට එක්ව සිටියහ.

ලොව පැරණිම අධිරාජ්‍යය පවුල ලෙස සැලකෙන ජපාන රජ පවුලේ, පසුගිය වසර දෙසීය තුළ මරණයට පෙර අධිරාජ්‍යය අත්හැරි එකම අධිරාජ්‍යයා ලෙස අසූපස් වියැති අකිහිතෝ අධිරාජ්‍යයා ඉතිහාසගත වේ. අප්‍රේල් 30 වැනිදා ඔහු ධුරය අත්හැරීමෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුතණුවන් වන නරුහිටෝ කුමරු රාජ්‍යත්වය දැරීමට නියමිතය.

මාතෘකා