ෂෙයික් හසීනා  නැවතත් අගමැති ධුරයට

 ඡායාරූපය:

ෂෙයික් හසීනා  නැවතත් අගමැති ධුරයට

ෂෙයික් හසීනා තුන්වැනි වරටත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයට පත් වී තිබේ. පෙරේදා පැවැති බංග්ලාදේශ මහා මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පාලක පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.

මීට පෙර එම පක්ෂය ලබාගත් මැතිවරණ ජයග්‍රහණයද ඉක්මවා යමින් ෂෙයික් හසීනාගේ පාලක පක්ෂය වන අවාමි ලීගය මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 281ක් ජයග්‍රහණය කර ඇත. ආසන 350කින් යුත් බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 300කට අදාළව ඡන්ද විමසීම පැවැත්විණි. මේ අතර, මෙය දූෂණ සහ අක්‍රමිකතා සිදුවූ මැතිවරණයක් බවට විපක්ෂය චෝදනා කරයි.

රට පුරා ප්‍රදේශ රැසකින් මැතිවරණ අක්‍රමිකතා සිදුවූ බව වාර්තා වූ හෙයින් ඒ පිළිබඳ විමර්ශන පවත්වන බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ. මැතිවරණය පැවැත්වූ දින පමණක් පාලක පක්ෂය සහ විපක්ෂ ආධාරකරුවන් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත. මැතිවරණ අක්‍රමිකතා සහ බලපෑම් එල්ල වන බව පවසමින් බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ සන්ධාන අපේක්ෂකයන් 28 දෙනෙක් ජන්ද විමසීම අවසන් වීමට පෙර මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත් වූහ.

මාතෘකා