ඉස්ලාමීය රාජ්‍යය ගැන එ.ජා. වාර්තාව වැඩිදුරටත්...

 ඡායාරූපය:

ඉස්ලාමීය රාජ්‍යය ගැන එ.ජා. වාර්තාව වැඩිදුරටත්...

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද S/2019/570 දරන 2019 ජූලි 15 දාතමින් යුත් වාර්තාවෙන් ඉංගිරිසි මාධ්‍යයේ IS යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන Islamic State of Iraq and Syria - ISIS හෙවත් Islamic State of Iraq and Levant - ISIL ලෙස ද හැඳින්වෙන සංවිධානය ගැන ඉදිරිපත් වූ, ආරක්ෂක කවුන්සිලය විසින් 1267 (1999), 1989 (2011), සහ 2253 (2015) යන යෝජනාවලට අනුව ඉසිල්, අල්ඛයිඩා සහ අනෙක් ඒවා ගැන සකස් කරන ලද අංක S/2019/570 දරන වාර්තාව පසුගිය ජූලි 15 දාතමින් නිකුත් විය. ඒ වාර්තාවේ ශ්‍රී ලංකාවට අදාළ කොටස පසුගිය සතියේ මේ පිටුවෙන් ඉදිරිපත් කෙරිණි.

ඔවුන්ගේ සැලසුම්වල විනා මේ මිහිමත භූමියක් නැති, එනිසාම අගනුවරක් නැති, පිළිගත් ව්‍යවස්ථාවක් නැති, ව්‍යවස්ථානුකූලව පත් වූ පාලකයකු හෝ පාලක මණ්ඩලයක් නැති ISIS හෙවත් ඉරාණයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යයට හෙවත් කැලිඵේටයට එබඳු විලායා හෙවත් කලාප හෙවත් බාහිර බල ප්‍රදේශ අටක් ඇති බව සඳහන්ය. ලිබියානු, සිනායි, යේමන, ඇල්ජීරියානු, ඛොරසොන්, බටහිර අෆ්‍රිකා, කොකේසස් සහ සෝමාලියා යනු ඒ අටයි. මෙයින් සිනායි යනු ඊජිප්තුවේ සිනායි අඩ දිවයින වන අතර ඛොරසන්, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයයි. ඔවුන්ගේ මූලික රාජ්‍යය හෙවත් කැලිඵේටය වනුයේ ඉරාකය සහ ලැවන්ට් ප්‍රදේශය නමින් හැඳින්වෙන මධ්‍යධරණී වෙරළාසන්න කලාපයයි. ඒ අනුව නවවැන්න ලෙස ඉන්දියාවට ව්‍යාප්ත කිරීමෙන් එහි ‘සිතියම’ පුළුල් වී ඇති බව වාර්තාවල දැක්වෙයි.

ISIL හෙවත් ISIS ආරම්භ වූයේ 1999 වසරේ බව පැවසේ. ඒ ඉරාක භූමියේය. එය මුලදී තවත් සුන්නි සටන්කාමී කන්ඩායමක් වන අල්-ඛයිඩා සමග සබඳකම් පවත්වා ඇති අතර පසුව ස්වාධීන විය. ඔවුන්ගේ ක්‍රියාන්විතවල කූඨප්‍රාප්තිය සනිටුහන් වන්නේ 2014 ජුනි මස මුල ඉරාකයේ මොසුල් නගරය අල්ලා ගැනීමත් සමගය. ඒ අවස්ථාවේ ඉරාක හමුදාව තමන් සතු අවි සහ වාහනද අනෙකුත් මෙවලම්ද ඔවුන්ට කොල්ල කන්නට ඉඩ හැර පලා ගිය හෙයින් ඔවුන්ගේ පාලනය එහි ස්ථාපිත විය. ඉරාක මහ බැංකුවේ මොසුල් ශාඛාව බිඳ ඔවුන් විසින් පැහැර ගන්නා ලද මුදල ඇඩො මිලියන 500 පමණ වටිනාකමකින් යුත් බව පැවසේ. පසුව ඔවුහු අමෙරිකානු හමදාව විසින් පලවා හරින ලද්දෝය.

ඔවුහු එසමයේ බටහිර සිරියාවේ සිට නැගෙනහිර ඉරාකය දක්වා භූමියේ වර්ගකිමි 88,000 පමණ නතු කැර ගෙන සිටියාහුය. ඉරාකයේ ඛනිජතෙල් කර්මාන්තය මුළුමනින්ම පාහේ ඔවුන් විසින් අල්ලා ගන්නා ලද අතර එමගින්ද, පැහැරගෙනයෑම්, වහල්බවට විකිණීම්, කප්පම් ගැනීම්, මං පැහැරීම් යනාදියෙන්ද ඩොලර් බිලියන හත අටක් උපයා ගන්නා ලද බව සඳහන්ය.

කැලිෆ් (Caliph) යනු අල්ලාගේ නියෝජිතයාය. එබන්දකු විසින් පාලනය කෙරෙන රාජ්‍යයක් කැලිඵේටයක් (Caliphate) ලෙස හැඳින්වේ.

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් සකස් කරන ලදුව එක්සත් ජාතින් විසින් ඉදරිපත් කරනු ලැබූ ඒ වාර්තාවේ වැදගත්කම සහ ISIL හෙවත් ISIS සංවිධානය ගැන අපේ රටේ බොහෝ දෙනාගේ වැටහීම මඳ බැවින් එහි මුල් කොටසේ දැක්වෙන සමාලෝචනය සහ තර්ජනය යන කොටස මෙහි පළ කරන්නට අදහස් කරන ලදි. මේ ඒ උධෘතයයි:

01. ඉරාකයේ සහ ලැවෙන්ට් හි ඉස්ලාමීය රාජ්‍යය (ISIL) 2019 වසරේ හමුදාමය වශයෙන් අභිභවනය කරන ලදි. ඉරාක දේශ සීමාව අසල බාඝුස් කණ්ඩායමේ හමුදාවේ බලයට අවසාන වශයෙන් නතුව පැවැති ප්‍රදේශයයි. එම යටත් වීම ඔවුන්ගේ ඊනියා කැලිෆේටයේ භූගෝලියමය අවසානය විය. සිය හජින් බාඝුස් හි අවුරා ගන්නා ලද කොටසේ අන්තිම මාස කිහිපයේ පැවැති දරුණු සටන්වලින් සටන්කරුවන් විශාල සංඛ්‍යාවක් හානියට පත්වීමේ වේදනාව ISILට තදින්ම දැනිණි. අපේක්‍ෂා කළාට වඩා දරුණු ලෙස බෝඝුස් නගරය වැටුණු හෙයින් බොහෝ සටන්කරුවෝ සහ ඔවුන්ගෙන් යැපෙන්නෝ පලා ගියෝය. එහෙත් සංඛ්‍යාවක් ඉතිරි විය. ඉන් අනතුරුව ප්‍රදේශයේ නිවැසියන් රඳවා ගැනීමේ සහ සරණාගත මධ්‍යස්ථානවලට ගාල් කිරීමේ වැඩ පිළිවෙළ ශීඝ්‍ර කරන ලදී. මෙසේ ගාල් කරන ලද්දවුන්ගේ සංඛ්‍යාව 2018 දෙසැම්බර් වන විට 10,000 පමණ වු අතර 2019 අප්‍රෙල් වනවිට 70, දක්වා ඉහළ ගියේය.

2. ISIL හි රහස්‍ය ජාලය සිරියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. ඉරාකයේ 2017 වසරේ සිදු වුවාක් මෙන් ඔවුන්ගේ කුඩා කණ්ඩායම් ප්‍රාදේශිය මට්ටමින් ප්‍රතිෂ්ඨාපිත වී ඇත. සිරියානු රජය පාලනය කරන පෙදෙස්වලට එල්ල වන ISIL ප්‍රහාර ඉහළ යෑමක් දක්නා ලැබේ. ඉඩ්ලිබ් වෙත පලා ගිය ISIL ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අපාසුවෙන් වුවත් දේශීය අල්-ඛයිඩා සාමජිකයන් සමග සහජීවන පැවැත්මක් තබා ගෙන සිටින බව පෙනී යයි. මේ කලාපය ත්‍රස්ත මූලයන්ගෙන් කෙතරම් පිරීතිරී පවතින්නේද යත් එය ලොව විශාලතම ත්‍රස්ත කුණු කන්ද ලෙස හැඳින්වේ.

3. වියහැකි පරිදිම යළි නැගී සිටීම සඳහා ISIL සිරියානු හදබිම් ගලපා ගනිමින් තහවුරු කර ගනිමින් සිටිති. මේ ක්‍රියා සන්තතිය එහි ප්‍රධානී අබු බකර් අල්-බැග්ඩාඩි සහ ISIL නායකයන් වැඩි දෙනා මේ වන විට සථානගත වී සිටින ඉරාකයේ වඩාත් ඉහළ මට්ටමින් සිදුවෙයි. අනෙක් අය සිය අතීත කැලිෆේටයේ කොහේ හරි ආසන්න තැන්වල සිටිනවා විය හැකිය. මේ විසිර යෑම සහ අසීරු ආරක්‍ෂක විධිවිධාන ඔවුන් අතර සන්නිවේදන අපහසුතා ඇති කරන අතර බලාධිකාරය නියෝජිතයන් මගින් ක්‍රියාත්මක කෙරේ. මේ අතර දිවි ගලවා ගැනීමේ අභිලාෂයෙන් ISIL නායකත්වය සිය නායකයන් සහ ඉරාකයේ සහ සිරියාවේ සටන්කාර කණ්ඩායම්වල නායකයන් සමග එක්ව ක්‍රියා කරන්නට ප්‍රමුඛත්වය දී ඇත. විදේශවලින් පැමිණ ත්‍රස්ත සටන්වලට යොමු වූ සටන්කරුවන් අනවශ්‍යය කියා බැහැරකිරීම හෝ දෝෂාරෝපණයට ලක් කිරීම සිදු වේ.

4. මිලිටරිමය වශයෙන් පරාජයට පත් වුවද ඉරාකය සහ සිරියාව තුළ මේ දක්වාත් ස්වීය සහ ඔවුන්ට අයත් නැති එහෙත් සම්බන්ධිත නොවන සිරියා සහ ඉරාක සටන්කරුවෝද සිටිති. එනයින් ඔවුන්ට කිසියම් ප්‍රදේශයක බලධාරීන් කෙරේ ඇති පොදු ජන විශ්වාසය පලුදු වන අයුරින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ඇත. උදාහරණයක් ලෙස උතුරු ඉරාකයේ අස්වැන්න ගිනි තැබීම් ගත හැකි ය. ඔවුන්ගේ ‘දිව්‍යමය රාජ්‍යය’ හෙවත් කැලිඵේටයට ගැනෙන පෙදෙස්වල සංහිඳියාව සහ ස්ථාවරත්වය නැති කිරීමේ උපාය මාර්ගය එයයි. ඔවුන්ගේ අපේක්‍ෂාව වනුයේ එබඳු ක්‍රියා මගින් පීඩාවට පත් වන ජනතාව නොඉවසිලිමත් වී බලධාරීන්ට දොස් පවරා ‘ISIL පාලන සමයේ නම් මෙසේ වූයේ නැත’ යන අතීත රංජනය ජනතාවගේ සිත් තුළ රෝපණය කිරීමය. මෙබඳු ක්‍රියා මගින් ඇතැම් පෙදෙස්වල ඉසිල් නැගීසිටීම ආනුශංඝික ක්‍රියාවක් බව බොහෝ සාමාජික රාජ්‍ය කනස්සල්ල පළ කරති.

5. පසුගිය අප්‍රෙල් මාසයේ නිකුත් කරන ලද විඩියෝ පටයකින් අබු බකර් අල්-බැග්ඩාඩි තහවුරු කළේ ඉසිල්ට තවමත් ගෝලීය සබඳතා ඇති බව හා අන්තර්ජාතික ප්‍රහාර අනවරතව පවත්වා ගෙන යන්නට තමන් සූදානම් බවයි. මේ වනවිට ඉසිල් තමන් විසින් උත්පාදනය කරනු ලබන ප්‍රහාර මත යැපෙමින් සිටිති. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය එවැන්නකි. කෙසේ වෙතත් එසේ වුණා හෝ නොවුණා විය හැකි ය, ශ්‍රී ලංකාවේ එම ප්‍රහාරය මාර්තු මාසයේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සිදු වූ ප්‍රහාරය මගින් අභිප්‍රෙරණය කරන ලද බව කිව හැකිය. එය ඇදහිලි අතර ගැටුමක් ප්‍රකට කළේය. කෙසේවෙතත් කණ්ඩායම ප්‍රහාර උත්පාදනයේදී සිය ප්‍රචාරක කටයුතු සහ මුහුණත දැක්ම ගැන විශ්වාසය තැබීමෙන් සෑහීමකට පත් වන්නේ නැති බව සාමාජික රාජ්‍යවල විශ්වාසයයි. අවසර, කල්, රහස්තැන යෙදෙන්නේ නම් අන්තර්ජාතික ප්‍රහාර සඳහා ඉසිල් ඍජුවම ප්‍රත්‍යයෝජනය කරනු ඇති අතර පහසුකම්ද සපයනු ඇත. ඒ අනුව ඔවුන්ගේ ප්‍රහාර නැවැත්වීම, මේ වසර අවසානය දක්වා වත් කළ නොහැකක් වනු ඇතැයි සිතිය හැකිය. ඒ අනුව කිව හැක්කේ අනපේක්‍ෂිත ස්ථානවල වඩවඩාත් තියුණු ප්‍රහාර අනපේක්‍ෂිත ස්ථානවල ඇති විය හැකි බවය.

6. මධ්‍ය ගැටුම් ප්‍රදේශයෙන් බැහැර ඉසිල් සහ අල්-ඛයිඩා අන්තර්ජාතික තලයේ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන අතර ප්‍රමුඛය. ඇතැම් රාජ්‍ය දේශීය ගැටුම් කලාප ගැන පැමිණිලි කරති. කලාපයේ වෙනස් ස්ථානවල සිට පැමිණෙන හෝ ජනවාර්ගික හෝ භාෂාමය සබඳතා සහිත විදේශීය සටන්කරුවන් ඇද ගන්නා ගුරුත්වාකර්ෂණය වැනි ආකර්ෂණයක් තිබෙන බව ඔවුහු කියති. මෙයට හොඳම උදාහරණය ඇෆ්ගනිස්තානයයි. ඉසිල් සහ අල්-ඛයිඩා යන සංවිධානවලට සම්බන්ධ ඇෆ්ගන් භූමිය තුළ ස්ථාපනය වී සිටින සංවිධානවල දීර්ඝකාලීන සහ කෙටිකාලීන තර්ජනයට එරට නිබඳ ලක් වෙයි. කලාපීය රාජ්‍ය අස්ථාවර කිරීමේ අරමුණින් බටහිර අෆ්‍රිකාවේ සහ සහෙල්හි ISIL සහ අල්-ඛයිඩා එකිනෙකා සහ සාමුහිකව ක්‍රියාත්මකවීම් ගැන කනස්සල්ල පළවෙමින් පවතියි.

7. ISIL සිය දුරස්ත කලාප සමග ‘හබ් එක සහ ස්පෝක්ක කූරු’ (hub and spokes) සබඳතාව පවත්වාගෙන යන තැනට තල්ලු වී ඇති බව පෙනෙයි. විසරණය වූ බලතල පැවරී ඇති නායකත්වයක ප්‍රවේශය ඒය. වඩාත් හොඳින් ජාලගත වූ අනුබද්ධිතයෝ දුරස්ත ව සිටින අය වෙනුවෙන් අරමුදල් හැසිරවීමේදී සහ ප්‍රචාරක කටයුතුවලදී වගකීම් දරන්නෝය. එවිට න්‍යායපත්‍ර කලාපකරණය විමක් සිදු විය හැකි අතර කල් යනවිට ඒවායේ බලපැම දැනෙනු ඇත. මෙය දැනටමත් ප්‍රාදේශීය අර්බුද ඇති කර තිබේ. දේශපාලනයේ කාවැදී සිටින අල-ඛයිඩාහි එවැන්නක් සිදු වූ බවට සාක්‍ෂි තිබේ. මේවා එක් අතකට සාර්ථක වන අතර අනෙක් අතට එක්තරා ආකාරයකින් අර්බුද කරා යොමු කිරීමක් ප්‍රචලිත කරති. ඉඞ්ලිබ්හි සිටින අල්-ඛයිඩා වෙතින් ගෝලීයව ඉදිරිපත් වන තර්ජනය පැහැදිලි නැත. අයිමන් මුහම්මද් රබි අල්-ස්සවාහිරි නමැති එහි ප්‍රධානියා අසනීප වී සිටින බව වාර්තා වන හෙයිනි.

8. විදෙස්වලින් පැමිණ සිටින ‘සංචාරක ත්‍රස්තයන්ගේ’, යැපෙන්නන්ගේ සහ පෙරළා පැමිණෙන්නවුන්ගේ සහ ‘අපේක්‍ෂා භංග වූ සංචාරකයන්ගේ’ අර්බුදය අග්‍රව පවතියි. ඊනියා දෙවියන්ගේ රාජ්‍යය වෙත විවිධ රටවලින් ගිය 30,000 පමණ දෙනා තවමත් ජීවතුන් අතර සිටින බව පැවසේ. ඔවුන්ගේ අනාගත අපේක්‍ෂා අර්තර්ජාතික තලයේ කනස්සල්ලට හේතු විය හැකි බවට අනාවැකි පළ කළ හැකිය. සමහරුන් අල්-ඛයිඩාවට හෝ අලුතින් පැන නගින වෙනත් ත්‍රස්ත සංවිධානයකට බැඳෙනු ඇත. ඇතැමුන්ට නායකයින් විය හැකිය. ඔවුන් බන්ධනාගාරගත කරනු ලැබු විට ඒවා තුළ කැරලිකාර පොළඹවන්නන්ද විය හැකිය. සාමාජික රාජ්‍ය සිය අධිකරණ පද්ධති තුළ මේවා කළමනාකරණය කැර ගන්ට දත යුතුය. ඔවුන්ගෙන් යැපෙන්නන් - හෞල් හි වැනිව - යෝග්‍ය පරිදි නොහැසිරෙන්නේ නම් එයද තර්ජනයක්ම වනු ඇත. ඉසිල් පැන නඟින්නට හේතු වූ කරුණු බොහොමයක් තවමත් පවත්නා බවට සාමාජික රාජ්‍ය එකඟත්වය පළ කොට ඇත. ඒ අනුව කියන්නේ ඉසිල් සහ අල්-ඛයිඩා වැනි සංවිධාන වැළැක්වීමට ලෝකය තවමත් අපොහොසත් බවය.

මාතෘකා