රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සිර දඩුවම්

 ඡායාරූපය:

රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සිර දඩුවම්

මියන්මාරයේ රොහින්ග්‍යාවරුන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව වාර්තා කළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත් අඩංගුවට පත්ව තිබුණි. ඔවුන් දෙදෙනාට අවුරුදු 7ක සිර දඬුවමක් පැනවීමට එරට අධිකරණය ඊයේ (3 දා) කටයුතු කළේය. එරට රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධියත් සමඟ එරට මාධ්‍ය නිදහස පිළිබදව ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමු වී තිබේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා එරට හමුදා නිළධාරීන් කිහිප දෙනෙකුගේ ෆේස්බුක් ගිණුම් තහනම් කිරීමට ෆේස්බුක් ආයතනය පසුගියදා කටයුතු කළේය. 'වා ලෝන්' සහ 'කියෙව් සෝ' නම් මේ මාධ්‍යවේදීන්, ඔවුන්ගේ පවුල් සහ මියන්මාරය ගැන තමන් දුක් වන බව එක්සත් ජනපදයේ මියන්මාර් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

මාතෘකා