කලීඩා ෂියාගේ සිර දඬුවම දීර්ඝ වේ

 ඡායාරූපය:

කලීඩා ෂියාගේ සිර දඬුවම දීර්ඝ වේ

දැනට සිරගතව සිටින බංග්ලාදේශයේ විපක්ෂ නායිකා බෙගම් කලීඩා ෂියා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේ 'ෂියා පුණ්‍යාධාර පදනම' ට ඩොලර් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක ආධාර මුදලක් ලැබුණු අයුරු හෙළි කිරීමට අසමත් වීම හේතුවෙන් තවත් වසර දෙකක සිර දඬුවමක් හිමිව තිබේ.

දැනට වසර පහක සිර දඬුවමකට සිර ගතව සිටින ඇය, අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් අධිකරණයට පැමිණ නැති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

කලීඩා ෂියා නැවත මහ මැතිවරණයට තරග කිරීම වැළැක්වීම සඳහා රජය උත්සහ කරන බව විපක්ෂයේ චෝදනාවයි.

මාතෘකා