රටින් පිටවීම තහනම් වූ කෂෝගිගේ පුතා එක්සත් ජනපදයට

 ඡායාරූපය:

රටින් පිටවීම තහනම් වූ කෂෝගිගේ පුතා එක්සත් ජනපදයට

ඝාතනයට ලක්වූ ජමාල් කෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සලාහ් කෂෝගි සෞදි අරාබියේ සිට සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්සත් ජනපදයට පැමිණ තිබේ.

පියා සෞදි රජුට එල්ල කළ විවේචන හේතුවෙන්, සලාහ්ට සෞදි අරාබියෙන් පිටවීම මීට පෙර තහනම් කර තිබිණි.

පසුගිය අඟහරුවාදා පළ කෙරුණු ඡායාරූපය දැක්වුණේ, ඔහු සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ අතට අත දෙමින් කුමරු පළ කළ සංවේගය භාර ගත් ආකාරයයි.

ඉස්තාන්බුල් නගරයේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී ජමාල් කෂෝගි ඝාතනය කෙරුණේ, මීට සති තුනකට පෙරය.

මාතෘකා