කෂෝගි ඝාතනය "ලෝක ඉතිහාසයේ දුර්වලම සැඟවීමයි" : ට්‍රම්ප් කියයි

 ඡායාරූපය:

කෂෝගි ඝාතනය "ලෝක ඉතිහාසයේ දුර්වලම සැඟවීමයි" : ට්‍රම්ප් කියයි

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැක්වූ ප්‍රතිචාරය 'ලෝක ඉතිහාසයේ දුර්වලතම සැඟවීම' ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා තිබේ. ඔහු සඳහන් කළේ, මෙය කවුරුන් සැලසුම් කළ ද 'ඔහුට බරපතළ ගැටලුවකට මුහුණ දීමට' සිදු වනු ඇති බවය.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පැවසුවේ, 'ඝාතනයට වගකිවයුත්තන්ට දඬුවම් කරන' බවය. ඊට අමතරව මේ වන හඳුනාගෙන ඇති සැකකරුවන් 21 දෙනාගේ වීසා අවසර පත් අවලංගු කරන බව ද ඔහු පැවැසීය.

සිය සමීප මිත්‍ර රටක් වන සෞදි අරාබිය සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය දැඩි කරන ලෙස අමෙරිකාවට පීඩනයක් එල්ල වී තිබේ.

මාතෘකා