අගමැති ඉම්රාන් ඛාන් සෞදි සමුළුවට

 ඡායාරූපය:

අගමැති ඉම්රාන් ඛාන් සෞදි සමුළුවට

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සෞදි අරාබිෙය් ආයෝජන සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගියේය. අද (23) සිට දින දෙකක් සමුළුව පැවැත්වෙන අතර ඔටුන්න හිමි බින් සල්මාන් මෙම ආයෝජන සමුළුවේ ප්‍රධාන සංවිධායකයා ලෙස කටයුතු කරයි. ඉදිරි වසර පහේදී පාකිස්තානයේ ආර්ථික සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එහි දී පැහැදිලි කිරිමටයි නියමිතය. සංචාරය අතරතුර ඔහු මොහොමඩ් බින් සල්මාන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලද නිරත වනු ඇත.

මේ අතර සෞදියේ පැවැත්වෙන ආයෝජන සමුළුවට සහභාගී නොවන බව රටවල් කිහිපයක් මේ වනවිට නිවේදනය කර තිබේ. තුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදී මරා දැමු ගිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා ද සමුළුවට සහභාගීවීම ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මාතෘකා