ජමාල් කෂෝගි 'අත් වැරදීමකින්' ඝාතනය කළ බව සෞදි රජය පිළිගනී

 ඡායාරූපය:

ජමාල් කෂෝගි 'අත් වැරදීමකින්' ඝාතනය කළ බව සෞදි රජය පිළිගනී

තුර්කියේ සෞදි තානාපති කාර්යාලය තුළදී ඇති වූ ගැටුමකදී සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි මරණයට පත් වූ බව පසුගිය සිකුරාදා (19) සෞදි රජය පිළිගත අතර එය ඝාතනයක් නොවන බව තහවුරු කිරීමටද අදහස් දක්වා තිබිණි. කෙසේ වුවත් මෙම පැහැදිලි කිරීම පිළිගත් හැකි මට්ටමේ නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විරෝධය දැක්වූහ.

සෞදි රජය විවේචනය කළ මාධ්‍යවේදියකු වූ ජමාල කෂෝගිව සෞදි තානාපති කාර්යාලය තුළදී මරාදමා සිරුර සඟවා ඇති බවට තුර්කි රජය සැක පහළ කිරීම හේතුවෙන් ජමාල්ගේ මරණය පිළිබඳ සත්‍ය තොරතුරු මාධ්‍යට ඉදිරිපත් කිරීමට සෞදි රජයට සිදුව තිබේ. සෞදි විදේශ කටයුතු අමාත්‍ය අදෙල් අල් ජුබයිර්, ඊයේ (22) සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය 'බරපතළ අත්වැරදීමක්' බවත්, එම ඝාතනයට වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට තම රජය කටයුතු කරන බවත්ය. තම විෂය පථයට පැවරුණු බලතලවලට පිටින් සිදුකළ මෙම ඝාතනයේ බැරෑරුම් බව වැඩිවූයේ එය සැඟවීමට කරන ලද උත්සාහය නිසා බවත් සෞදි විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය.

මාතෘකා