එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ජාත්‍යන්තර සමුළුව වර්ජනයට සැරසේ

 ඡායාරූපය:

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ජාත්‍යන්තර සමුළුව වර්ජනයට සැරසේ

සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුව වර්ජනය කිරීමට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය කටයුතු කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ. සෞදි පාලනය විවේචනය කළ එරට මාධ්‍යවේදියකු වන ජමාල් කෂොගිව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෞදි පාලනයට චෝදනා එල්ල වී ඇත.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයට ඔහු ඇතුළු වන සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර, ජමාල්ව එහි දී ඝාතනය කර ඇති බවට තුර්කි රජය චෝදනා කරයි.

රියාද් නුවරදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ආයෝජන සමුළුව වර්ජනය කරන බව අනුග්‍රාහක සමාගම් සහ මාධ්‍ය සංවිධාන රැසක් මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.

මාතෘකා