හිටපු ඇමතිවරු ඇතුළු 19කට මරණ දඬුවම 38 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට

 ඡායාරූපය:

හිටපු ඇමතිවරු ඇතුළු 19කට මරණ දඬුවම 38 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට

බංග්ලාදේශය

2004 දී දේශපාලන රැලියකට ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ 19 දෙනෙකුට මරණ දණ්ඩනය සහ තවත් 38 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් බංග්ලාදේශ අධිකරණයක් තීන්දුවක් ප්‍රකාශ කර තිබේ.

එම ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයෙන් 24 දෙනෙක් මරුමුවට පත්වූහ. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඒ අවස්ථාවේ එම රැලියට නායකත්වය ලබා දී ඇත. 2004 අගෝස්තු 21 වෙනි දින එවක එරට අගමැතිනිය වූ ෂීක් හසීනා දේශපාලන වේදිකාව මත සිට සිය කතාව අවසන් කිරීමට මොහොතකට පෙර සිදු වූ මෙම පිපිරීම්වලින් සියයකට අධික පිරිසකට තුවාල සිදු විය.

මරණ දණ්ඩනය නියම වූවන් අතර හිටපු අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ද සිටී. ඔවුහු දෙදෙනාම බංගලාදේශ ජාතික පක්ෂයේ (BNP) සාමාජිකයෝ වෙති. එම පක්ෂයේ නායක තාරික් රෙහෙමාන්ට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.

මරණ දඬුවම් නියම වූවන් අතුරෙන් සුවිශේෂීම පුද්ගලයා වන්නේ රාජ්‍ය කටයුතු භාර හිටපු ඇමති ලුට්ෆෝසාමන් බාබාය.මෙය දේශපාලන පළිගැනීමක් සහ නායකයන් ඉවත් කිරීමට ගන්නා උත්සාහයක් බවට BNP පක්ෂය චෝදනා කරයි.

මාතෘකා