හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවමක්

 ඡායාරූපය:

හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවමක්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මියුන්ග් බැක් හට දූෂණ චෝදනා මත වසර 15කට සිරගත කරයි. අල්ලස් ලබා ගැනීම්, මූල්‍ය වංචා සහ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම දඬුවම හිමිව ඇත. සෝල් නුවර අධිකරණයකින් මෙම දඬුවම ලබා දී ඇති අතර, ලී මියුන්ග් බැක්ට ඩොලර් මිලියන 11.5ක දඩ මුදලක් ගෙවීමට ද නියම කෙරිණි.

මෙම අධිකරණ තීන්දුව දේශපාලන පලිගැනීමක් බව හිටපු ජනපතිවරයා පවසයි.0

විවිධ චෝදනා මත සිරගත කෙරුණු සිව්වෙනි දකුණු කොරියානු හිටපු නායකයා මොහු වන අතර, ලී මියුන්ග් බැක්ට පෙර සිටි ජනපතිවරයාටද පසුගිය අප්‍රේල් මසදී සිර දඬුවම් නියම විය. ඒ අනුව ලී මියුන්ග් බැක් සිර දඬුවම් නියම වූ සිව් වැනි හ්හිටපු ජනපතිවරයා බවට පත් විය.

අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව, සැම්සුන් ආයතන ප්‍රධානියාට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීම සඳහා ලී මියුන්ග් බැක් බිලියන ගණනක මුදලක් අයුතු ලෙස ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. නමුත් සැම්සුන් ආයතනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මාතෘකා