මාලදිවයිනේ නව ජනපති මොහොමඩ් සෝලි දිවුරුම් දෙයි

 ඡායාරූපය:

මාලදිවයිනේ නව ජනපති මොහොමඩ් සෝලි දිවුරුම් දෙයි

ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි, නව මාලදිවයින් ජනාධිපතිවරයා ලෙස පෙරේදා (17) දිවුරුම් දුන්නේය. පසුගිය සැප්තැම්බර් මස විසිතුන්වනදා පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරමින් ඊබ්‍රහිම් ජනාධිපති ධුරය සදහා තේරීපත් වූවේය.

මාලදිවයින තුළ ක්‍රියාත්මක දූෂණය අවසන් කිරීමට සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට කටයුතු කරන බව දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු සඳහන් කළේය.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාව දහස් ගණනක් මාලදිවයින් ජනතාව සහ සිය ගණනක් විදේශීය සම්භාවනීය අමුත්තන් ඉදිරියේදී පැවැත්විණි. දිවුරුම් දීමෙන් අනතුරුව 12,000ක් වූ මාලදිවයින් ජනතාවක් ඇමතූ 54 හැවිරිදි ජනපතිවරයා,

19 දෙනෙකුගෙන් යුත් කැබිනට්ටුවක් පත්කිරීමට අපේක්ෂා කරන බවත් පැවසුවේය.

මාතෘකා