විපක්ෂ නායකවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

 ඡායාරූපය:

විපක්ෂ නායකවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

කටාර් රාජ්‍යය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව හේතුවෙන්, බහරේන් රාජ්‍යයේ විපක්ෂ නායක ෂෙයික් අලි සල්මාන් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට එරට අධිකරණය කටයුතු කර තිබේ.

බහරේන් සහ කටාර් රාජ්‍යයන් අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා 2017 වසරේදී බිඳ වැටුණි. අලි සල්මාන් හට මෙම ඔත්තු බැලීමේ චෝදනා නැඟීමට මාස කීපයකට පෙර, සතුරු කටාර් රාජ්‍යය සමඟ එක්ව කුමන්ත්‍රණයක් දියත් කරන බවට බහරේන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පැවති නඩුවෙන් ඔහුව නිදහස් කෙරිණි. ෂෙයික් අලි සල්මාන්ට පැනැවුණු සිර දඬුවම ගැන අදහස් පළ කරමින් ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් සංවිධානයෙමින් අ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපයේ අධ්‍යක්ෂ හිබා මොරායෙෆ් සඳහන් කර ඇත්තේ, අදහස් පළ කිරීමේ නිදහස ක්‍රියාවට නැංවීම නිසාම ඔහුට මෙම දඬුවම පැනවී ඇති බවයි.

මාතෘකා