මාලි 'ස්පයිඩර් මෑන්ට' ප්‍රංශ පුරවැසිභාවය

 ඡායාරූපය:

මාලි 'ස්පයිඩර් මෑන්ට' ප්‍රංශ පුරවැසිභාවය

මාලි රාජ්‍යයේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූ මැමෝඩුඕ ගසාමා නම් පුද්ගලයෙකු මේ වනවිට ප්‍රංශයේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි අවධානයට පාත්‍ර වී ඇත. මාලි 'ස්පයිඩර් මෑන්' යන අන්වර්ථ නාමයෙන් ජාත්‍යනතර මාධ්‍ය තුළ හඳුන්වා දී ඇති ඔහු, උස් වූ ගොඩනැගිල්ලකින් පහතට ඇද වැටීමට ආසන්නව සිටි කුඩා දරුවකු ජීවිත අවදානම නොතකා දරුවකු බේරාගත් අන්දම දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් වී තිබේ.

ඉතා වේගයෙන් ප්‍රචලිත වූ මෙම වීඩියෝව දුටු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මැමෝඩුඕ ගසාමාව කැඳවා ඔහුට ප්‍රශංසා කර තිබේ. ඔහුට ප්‍රංශ පුරවැසිභාවය ලබාදීමටද කටයුතු කර ඇති ජනාධිපතිවරයා ගිනි නිවන හමුදාවේ රැකියාවක්ද ලබා දී ඇත.

ගසාමා, මාලි රාජ්‍යයේ සිට බෝට්ටුවක් මඟින් මධ්‍යධරණී මුහුද තරණය කර යුරෝපයට පැමිණි සරණාගතයෙකි.

මාතෘකා