කිම් ජොන් - ට්‍රම්ප් හමුව අවලංගු වේ

 ඡායාරූපය:

කිම් ජොන් - ට්‍රම්ප් හමුව අවලංගු වේ

එළඹෙන ජුනි 12 වෙනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුවෙන් ඉවත් වන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා කිම් ජොන් උන් වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

පසුගිය දින වල උතුරු කොරියානු නායකයා පෙන්වූ දැඩි කෝපය සහ විවෘත විරෝධය හේතුවෙන් මෙම හමුව සුදුසු නොවන බව ට්‍රම්ප් එම ලිපියේ පවසා ඇත.

ඇමෙරිකානු - දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා ක්‍රියාන්විතයක් හේතුවෙන් උතුරු සහ දකුණු කොරියානු සාකච්ඡා නැවැත්වීමට කිම් ජොන් උන් පසුගිය දා ක්‍රියා කළේය.

මේ අතර උතුරු කොරියාව සතුව පැවැති අවසන් න්‍යෂ්ඨික පරීක්ෂණපොළ ලෙස සැලකෙන පුන්ගී-රී හි උමං තුනක් විශාල පිපිරුම් මඟින් විනාශ කර දැමීමට උතුරු කොරියානු රජය කටයුතු කර තිබේ. එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය වෙත අවස්ථාව සලසා තිබිණ.

මාතෘකා

ජනප්‍රිය ලිපි