ප්‍රංශ ජනපති රුසියානු සංචාරයට සූදානම්

 ඡායාරූපය:

ප්‍රංශ ජනපති රුසියානු සංචාරයට සූදානම්

තමන් රුසියාවේ සංචාරය කිරීමට යෙදීම්ට සූදානම් වන බව ප්‍රංශ ජනපති එමැනුවේල් මැක්ක්‍රෝන් ප්‍රකාශ කළේය.ජාත්‍යන්තරව වැදගත් වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමඟ සාකච්ඡා කිරිම මෙම සංචාරයේ අරමුණ වී ඇත.

විශේෂයෙන් මේ වන විට වැඩි අවධානයක් දිනාගෙන ඇති ඉරාන න්‍යෂ්ටික ගිවිසුම හා සිරියාව පිළිබඳව ගැටළු සම්බන්ධයෙන් මූලික අවධානය යොමුවන බවත්, යුරෝපය හා රුසියාව අතර තානාපති මට්ටමේ සම්බන්ධතා පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන බවත් ප්‍රංශ ජනපතිවරයා පවසයි.

සිරියානු රජයේ ක්‍රියාකලාපය, ඇමෙරිකාව සහ මිත්‍ර යුරෝපා රටවල දැඩි දෝෂ දර්ශනයට හේතුවී ඇති පසුබිමක ඉරානය සහ රුසියාව සිරියාවේ අසාද් පාලනයට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන පසුබිමක ප්‍රංශ ජනපතිවරයාගේ මෙම සංචාරය වැඩි ජාත්‍යන්තර අවධානයක් දිනාගනු ඇත.

මාතෘකා