මව්කිරි අහිමි දරුවන්ට කිරි බෙදන කිරි අම්මා එලිසබෙත් ඇන්ඩර්සන්-සේරා

 ඡායාරූපය:

මව්කිරි අහිමි දරුවන්ට කිරි බෙදන කිරි අම්මා එලිසබෙත් ඇන්ඩර්සන්-සේරා

මවුවරු අසාමාන්‍ය නැත. එහෙත් සේරා අසාමාන්‍ය මවකි. එයට හේතුව ඇගේ ශරීරය දිනකට මවුකිරි ලීටර් හයකට වඩා නිෂ්පාදය කරන අතර එ්වා දෝවනය නොකළහොත් ඇගේ තනපුඩු පුපුරා තුවාල කරමින් මවුකිරි පපුව පුරා ගලා යාමයි. තවමත් 29 හැවිරිදි ඇය මෙි සදහා වෛද්‍ය උපදෙස් පැතුවාය. ඒ ඇගේ පළමු දරැවා බිහි වූ විටය.

මෙි සමිබන්ධයෙන් පරීක්ෂණ පැවත්වු වෛද්‍යවරු ඇය අසාමාන්‍ය රෝගී තත්වයකින් පෙලළන බව නිශ්චිත කරගත්තෝය. එම රෝගයෙන් සිරැරකට දැරිය නොහැකි අතිරික්ත කිරි ප්‍රමාණයක් නිෂ්පාදනය වන අතර ඇයට ඉන් කිසිදු වේදනාවක් නොදැනේ. මේ මවුකිරිවල සාමාන්‍යයෙන් අඩංගුවිය යුතු සංඝටක ප්‍රමාණය නියමිත ආකාරයටම අඩංගු වී ඇති නිසා ඒවා ඡිවගුණයෙන් ඉහළම මවිකිරි බව වෛද්‍යවරු නිගමනය කලහ. දැන් ඇත්තේ ඇයට කිසිදු වේදනාවක් නොදැනෙන ආකාරයට නවීන උපකරණ මගින් එම කිරි ශරීරයෙන් පිටතට ගැනීම පමණක් බව වෛද්‍ය උපදෙස් විය.

දැන් සේරාට දරැවන් දෙදෙනෙකි. දැන් ඇය උත්පාදනය කිරන මවුකිරි ප්‍රමාණය ලීටර් 6.5කට අධිකය.

සේරා කරන්නේ තම දරැවන් දෙදෙනා කිරි උරා බිව් පසු නවීන උපකරණ මගින් පැයකට වරක් ‍ෙම් කිරි එකතු කිරීමයි. ඇය දිනකට ලීටර් 6 ක කිරි ප්‍රමාණයක් දොවා උපරිම සෞඛ්‍යරාක්ෂිතව හා ප්‍රමිතිගත ලෙස ඒවා ලීටරය බැගින් පොලිතීන් උර වල අසුරා ශිතකරණයේ තැන්පත් කරනු ලබයි. අනතුරැව ඇගේ ෆේස්බුක් ගිණුම හරහා එය ප්‍රසිද්ධ කර මවුවරු අහිමි දරැවන්ට, පිළිකා රෝගය නිසා පියයුරු අහිමි මවුවරුන්ගේ දරුවන්ට සහ යම් රෝගී තත්ත්වයන් නිසා කිරි නොඑරෙන මවුවරුන්ගේ දරැවන්ට නොමිලේ බෙදා දෙයි. තවත් ඉතිරියක් වෙතොත් කිරි අවුන්සයක් එක් ඩොලරයකට විකුණන ඈ ඒ විකුණා ලබන මුදලින් වේදනාවක් රහිතව කිරි දෙවීමට ගත යුතු නවීන උපකරන සදහා වියදමි කරන්නීය.

සේරා සමහරවිට දෙමවිපියන් අහිමි දරැවන් රැක බලාගන්නා අායතන වෙත ගොස් සිය තනපුඩුවෙන්ම ඔවුනට කිරි උරාබීමට සලස්වයි. මේ ඇයට දිය හැකි මානව ප්‍රේමයයි. හැම දෙනාටම මෙවැනි මානව ප්‍රේමයක් උපදියි නම් ලෝකය මීට වඩා බොහෝ ලස්සන තැනකි.

ඇමෙරිකා එක්සත් ඡනපදයේ ඔරිගන්හි ඡිවත්වෙන මේ අපූරැ එලිසබත් සේරා නම් වු ගැහැණිය දැනට බෙදා ඇති මවුකිරි ප්‍රමාණය ගැලුම් 700 ද ඉක්මවා යයි. ඇගෙන් කිරිවලින් පමණක් යැපුණු ඇමෙරිකානු දරැවන්ගෙන් ප්‍රමාණය දහස් ගණනක් බව වාර්තා වේ.

මේ වසරේ ජනවාරි මාසයේදී මාරියා සුළි කුණාටුවෙන් හානියට පත් වූ කැරිබියානු දූපතක් වන පුවටෝ රිකෝහි දරුවන් වෙනුවෙන් ඇය මව් කිරි ලබා දීම ලොව පුරා දැඩි අවධානයට ලක්විය.

[උපාලි ජයසිංහ]

මාතෘකා