රාජකීය විවාහයට එක් වු ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනිය

 ඡායාරූපය:

රාජකීය විවාහයට එක් වු ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනිය

එංගලන්තයේ රාජකීය පවුලේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ උත්සවය ආවරණය කිරීමට අවසර ලැබුණු මාධ්‍යවේදීන් අතරට එක් වීමට ශ්‍රී ලාංකාවේ උපන් මාධ්‍යවේදිනියක් වන ඈන් මරී මැදිවකට හැකි වී ඇත.

19 වනදා ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වුණු එම මංගල්‍යය අවස්ථාවට එක් වූ ඇය කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රවෘත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කරන ප්‍රකට මාධ්‍යවේදිනියකි. ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන අතර 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලබා තිබේ.

1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් ඇත. තමාට අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනු ලැබේ.

හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ භාරදුර වගකීමක් කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මරී මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරය වේ.

මාතෘකා