ට්‍රම්ප් - කිම් ඓතිහාසික සාකච්ඡාව නවතින ලකුණු

 ඡායාරූපය:

ට්‍රම්ප් - කිම් ඓතිහාසික සාකච්ඡාව නවතින ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ජුනි මස 12 සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව නවතා දමන බවට උතුරු කොරියාව අනතුරු අඟවා තිබේ.

ඒ, දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවත්වීමට කටයුතු කිරීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම යුද අභ්‍යාස හේතුවෙන් උතුරු කොරියානු නායකයා කෝපයට පත් වී ඇති බවයි.

මේ අතර දකුණු කොරියාව සමඟ ඊයේ (16) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා නතර කිරීමට උතුරු කොරියාව කටයුතු කළ අතර ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාවන් ද අවලංගු කර ඇතැයි වාර්තා වේ. මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇත්තේ මැක්ස් තන්ඩර් නමින් හැඳින්වන යුද අභ්‍යාසයකි.

මේ සඳහා ඇමරිකානු ගුවන් යානා 100කට අධික සංඛ්‍යාවක් යොදා ගන්නා අතර ඒ සඳහා බී 52 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා, ප්‍රහාරක ජෙට් යානා රැසක් සහ සෙබළ1න් 1200කට අධික පිරිසක් සහභාගී වේ. කෙසේ නමුත් උතුරු කොරියාව මෙම යුද අභ්‍යාසය තමන්ට එරෙහි ආක්‍රමණයක පෙරහුරුවක් ලෙස හඳුන්වා තිබේ.

මාතෘකා